Till the end 🥀

Start from the beginning
                                    

ජන්ග්කුක් හිතපු විදියටම පැන්ට්‍රි එක ලඟ එයාගෙ ආසම ඒප්‍රන් එකත් ඇඳගෙන හිටන් හිටිය ටේහ්යොන්ග් ව දැක්කම ජන්ග්කුක්ගෙ මූනට ආවෙ ජයග්‍රාහි වගේම සැනසීමෙන් පිරුණ හිනාවක්.. මේ ටේ එයාව තනියම ඇඳේ තියල කෑම හදන්න තනියම පහලට ආව පලවෙනි දවස නොවුනට උදේ පාන්දරම ආව විකාර බය ජන්ග්කුක්ගෙ හිතේ කොනක තිබ්බ..

ටේහ්යොන්ග් හිටියෙ ජන්ග්කුක්ට පිටුපාලා...මක්ගුසු හදන්න ඕන බඩු ටිකත් පැන්ට්‍රි ටොප් එක උඩ තිබ්බා.. උදේ පාන්දරම ටේව අවුස්සන්න කියල හිතාගෙන හිමින් සීරුවේ ටේව බදාගන්න ජන්ග්කුක් ලඟට ගියේ හුම් සද්දයක් නැතුව, සෙල්ලක්කාර හිනාවක් මූනෙ ඇඳගෙන..

ඒත් අඩි දෙක තුනක් ඉස්සරහට ගිය ජන්ගුක් දැක්කෙ ටිකක් අමුතු දෙයක්..

ටේහ්යොන්ග් පාවිච්චි කරන්න ගත්තු පිහිය එයාගෙ කකුල් දෙක ලඟ වැටිලා තිබ්බ.. ඒක අහුලගන්න ටේ ට උවමනාවක් නැත්තෙ ඇයි කියල හිත හිතා ඉන්න ගමන් ජන්ග්කුක් පහත් වුනේ පිහිය ගන්න..

ලේ..

පිහිය ලේ බින්දු ගොඩක් මැද්දෙ වැටිල තිබුනා.. ජන්ග්කුක්ට ඔහුගෙ හුස්ම හිරවෙනවා වගෙ දැනුනා.. බයෙන් වෙලුන ඇස් තවමත් කලින් හිටිය විදියෙන් අඟලක්වත් හෙලවෙන්නෙ නැතුව තමන්ට පිටුපාලා ඉන්න ටේ දිහාවට යැවුනේ කලින් ආව අඳුරු හැඟීම දෙගුන තෙගුන වෙලා දැනෙද්දි..

ඒන්ජල්...

ජන්ග්කුක් වෙවුලන හඬින් කතා කලා.

පිලිතුර විදියට ජන්ගුක්ට අහන්න ලැබුනේ වේදනාව පිරුන ඉකිබිඳුමක් විතරයි..

ඒ ඉකිය ජන්ග්කුක්ගෙ හිත පසාරු කරගෙන ගියේ, එයාගෙ මූන දිහාවත් තාම නොබලපු එයාගෙ ඒන්ජල් මේ තරම් දුකින් අඬන්නෙ ඇයි කියල පොඩිම හරි හේතුවක් ජන්ග්කුක්ට අනුමාන කරගන්න බැරි වුන නිසා..

ටේහ්යෝන්ගී.. අනේ ඇයි මේ.. ජන්ග්කුක් තමන්ට පිටුපාලා තවමත් අඬන ටේහියෝන්ව එයාගේ පැත්තට හරවා ගත්තා..

ටේහ්යෝන්ග් ලේ පෙරෙන අතකින් එයාගේ ෆෝන් එක අල්ලාගෙන හිටියා.. you tube එකේ මක්ගුසු හදන tutorial එකේ සද්දෙ තිබුණට ටේහ්යෝන්ග්ගේ ස්ක්‍රීන් එකේ ඕපන් වෙලා තිබුණේ naver ආටිකල් එකක්..

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKWhere stories live. Discover now