- හොද වැඩේ මට -

Start from the beginning
                                    

ඔව් මිතුරනි එකපාරටම විශාල ශබ්දයක් ඇසුනා.

හෙන සද්දෙන් ඩෙස් එකට ගහපු තාරුන්‍යා ඉදන් හිටපු පුටුවත් පැත්තකට තල්ලු කරලා දාලා ආවේ මන් ගාවට.

(ගෝඩ් සේව් මී...🙂)

සෙක් මේ මනුස්සයා ඉස්සරහ හැකර මගේ කට ලොප් වෙන එක නම් ඇත්තටම අසාධාරණයි.

මන් ගාවටම ආපු තාරුන්‍යා ලග මන් ඉදන් හිටපු ඩෙස් එකේ පිටිපස්සෙන් තිබ්බ බිත්තියට අත තියලා අනිත් අතෙන් එහාපැත්තෙ තිබ්බ බැම්මට එකක් ගහලා මන් දිහා බැලුවෙ ඇත්තටම තරහකින්.

"මොකක්ද උබ කිව්වෙ ? "

"ම__මන් ..."

මේ සිතුනි..

තෑන්ක්ස් ගෝඩ්...වෙලාවට මේ ළමයා ආවෙ.
නැත්නම් මේ අසරණ මාව තාරුන්‍යා නැමැති රාක්ශයා විසින් බිලිගන්නවා.මන් ඉක්මනට තාරුන්‍යාගෙ උරහිස් පිටිපස්සට ගියේ ආපු කෙල්ලට මන් හිටියා කියලා පේන්නැතිවෙන්න.ඒත් මේ ගොබ්බ පිසාචයා අර කුප්පහිනාව දාලා එහාට වුනේ මාව රෙදි නැතුව ලෙෆ්ට් කරලා මරු.

(ආආආආ ඇයි මේ අපහාස )

ඇයි මොකද?

මටනෙ කතා කරේ පැන පැන දෙන්නෙ මොකද දන්නැහැ .
කමක්නැහැ කටවහන් ඉන්න එක මට හොදයි.

මේ ..සිතුනි එන්නැද්ද අහන්න ආවෙ.

නෑ එයා එන්නැහැ .

ඒත් මේ..

කිව්වනෙ දැන් යනවා.

මට ය__

කටවහන් ඉන්නවා.

ආපු කෙල්ල වික්සිප්ත උන්ගා බුන්ගා වෙලා කැලෑ සත්තු දෙන්නෙක් වගේ අපි දෙන්නා දිහා බලල පහලට ගියේ හොට් හොට් නිව්ස් එකක් පතුරන්න කියලා මට හූනා නොකිව්වත් කියන්න පුළුවන් .

කොහොමද හෙඩ් ලයින් එකට
අපේ ස්කූල් එකේ හෙඩ් ප්‍රිෆෙක්ට් තාරුන්‍යාට ඩිපියුටි සිතුනි එක්ක රිලේශන්ශිප් එකක් තියෙනවා.ඒ දෙන්නා ක්ලාස් එකේ එකට හිටියා දැක්කා මන්.

රෙදි පිටින් ලෙෆ්ට්.
සෙක්.
මීට හොදයි මේ වදෙන් මැරෙනකන් ගුටි කෑවනම්.

"මොකක්ද හලෝ ඒ කරපු වැඩේ?"

හරියන්නැහැ මන් මගේ නිවැරැදි භාවය ඔප්පුකරන්න ඕනි.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now