PART 21

503 81 55
                                    

"මොනාද මනුස්සයෝ මෙච්චර වෙලා කලේ...කෙල්ලෙක්ටවත් චූ දාන්න ඔච්චර වෙලාවක් යන්නෙ නෑ...අන්න අරහේ ඔහේගෙ සත්‍ය ප්‍රේම බෘංගරාජයත් හෙව්වා ඔයාව.."

කැන්ටින් එකේ දොර ගාව ඉඳන් හිමි හිමීට ඇවිදන් එන ජන්ග්කුක් දිහා බලලා ජිමින් කෑගහලා එහෙම කිව්වෙ වටේ හිටපු ජූනියර් වගේම සීනියර් ස්ටුඩන්ට්ස්ලත් ජන්ග්කුක් දිහා හිනාවෙවී බලද්දී...

"මොකක්ද චිමී වෙලා තියෙන්නෙ..ඔය බෙලෙක් කට වහගන්නවකෝ..ලැජ්ජාවේ බෑ..."

ජිමින් ,හොබී ඉඳගෙන හිටපු මේසෙ තිබ්බ පුටුවක් ඇදලා වාඩිවෙච්ච ජන්ග්කුක් ජිමින්ට රවලා එහෙම කිව්වම ජිමින් ඔළුව ගස්සලා අහක බලාගත්තා..

"මොකද කුකී ඔයාගේ මූණ හරිනැත්තේ...සනීපවත් නැද්ද ඔයාට.."

ඒ හොබී...ජන්ග්කුක් හිටියෙ ටිකක් නොසන්සුන් වෙලා...බෝගම්ගෙ සිද්ධියෙන් පස්සෙ ටේහ්‍යොන් තමන්ට බනියිද ගහයිද තරහාවෙයිද කියලා දාහක් දේවල් කල්පනා කර කරයි ජන්ග්කුක් කැන්ටින් එකට ආවෙත්...ජන්ග්කුක්ටත් තේරෙන්නෙ නැතුව ඇති මේ එක එක ප්‍රශ්න නිසා එයාගෙ අහිංසක හිනාවකින් පිරිලා තියෙන ලස්සන මූණ වැහි වලාකුළක් වගේ අඳුරු වෙලා ඇති කියලා....

"මට මාර සීන් එක අප්පා වුනේ වොශ් රූම් එකේදී..."

ජන්ග්කුක් මූණත් බෙරි කරන් එහෙම කියද්දී ජන්ග්කුක්ට රවාගෙන අහක බලන් හිටිය ජිමිනුත් ඉක්මනින්ම ජන්ග්කුක්ගෙ පැත්තට හැරුනේ සිද්ද වුනේ මොකක්ද කියලා දැනගන්න කුතුහලෙන්...

"ඇයි කුකී..මොකක්ද වුනේ...ඔයා හොඳින් නේද.."

ජිමින් බයවෙලා වගේ ජන්ග්කුක්ගෙන් ඇහුවම ජන්ග්කුක් ජිමින්ට මඳ සිනාවක් පෑවා..ජිමින් එහෙමයි..ජන්ග්කුක්ගෙ හොඳම යාළුවා එහෙමයි...ජන්ග්කුක්ට ප්‍රශ්නයක් කියලා කිව්වොත් ජන්ග්කුක්ටත් වඩා ඒ ගැන වදවෙන්නෙ ජිමින්...ජන්ග්කුක්ටත් වඩා ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නෙ දඟලන්නෙ ජිමින්...ජන්ග්කුක්ට ප්‍රශ්න විසඳගන්න පාර කියන්නෙ ජිමින්..හැම පුංචි ප්‍රශ්නෙකදිම ජන්ග්කුක් එක්ක හිටියෙ ජිමින්..ජිමින්ට වෙලාවකට ජන්ග්කුක් කියන්නෙ තමන්ගෙම පුංචි සහෝදරයා වගේ..තමන්ගෙම මල්ලි වගේ...ඉතින් පුංචිම පුංචි ප්‍රශ්නෙකදි වුනත් ජිමින් මහහුඟක් වදවෙන එක නම් ජන්ග්කුක්ට දැන් සාමාන්‍ය දෙයක්..

You Belong To Meᵀᴷ (Ongoing)Where stories live. Discover now