PART 15

422 75 30
                                    

"හොබියෝ..මගෙ හොබියෝ..."

ජිමින් කලබලෙන් එහාට මෙහාට දුවන හොබී ගාවට ගිහින් හොබීගෙ කණට ළංවෙලා එහෙම කතාකලේ ටේහ්‍යොන්ව මත්කරන්න  ටේහ්‍යොන්ට බොන්න දෙන්නෙ මොනාද කියලා දැනගන්න..ඔව්..ජිමින්ගෙ කුප්ප ප්ලෑන් එක උනේ ටේහ්‍යොන්ව හොඳටම මත්කරන්න..ඇත්තම කිව්වොත් ජිමින් වගේම ජන්ග්කුක් ගමේ ඉද්දී කවදාවත් ඇල්කොහොල් ජාති කටේ තියලා නෑ...ඒත් ජිමින් ඇල්කොහොල් ගැන දැනගත්තු දෙයක් තිබ්බා..ඒ තමයි ඒක බිව්වම ඒ පුද්ගලයා හොඳටම මත් වෙලා පිස්සු නටනවා කියන එක..යුනි එකේ දැඩි සෘජු ගති පැවතුම් තියෙන ටේහ්‍යොන් බිව්වට පස්සෙ කොහොම ඉඳියිද කියලා හිතයටින් ලොකු ප්ලෑන් එකක් ගගහා තමා ජිමින් හොබී ගාවට ගියේ..

"මොකද ජිමිනෝ..."

හොබී යන ගමන පැත්තක දාලා ජිමින් දිහාවට හැරුනේ ජිමින් කතා කලේ ඇයි කියලා දැනගන්න...

"මේ..මේ..මේකයි හොබී..මේ.."

"ආයිශ්..ජිමින්ශී..තටමන්නෙ නැතුව කියනවකෝ ඉක්මනට ඕක..මට වැඩ තියෙනවා.."

ජිමින් ගොතගගහා වචන අහුලද්දී හොබී නොරිස්සුම් මුහුණින් ජිමින් දිහා බලාගෙන එහෙම කිව්වේ අඩුම අම්මවත් හිටිය නම් තමන්ට මෙච්චර පාටි එක ගැන වද වෙන්න ඕනි නෑ නේද කියලා හිතින් හිත හිත..

"මේකයි හොබියෝ..මට උදව්වක් ඕනි ඔයාගෙන්...මට සැරම ජාතිය හොයලා දෙනවකෝ..එක ග්ලාස් එකක් ඇති මට..."

ජිමින් ඇඟිලිත් පටල පටල බිම බලන් එහෙම කියද්දී හොබීගෙ මූණට හිනාවක් නැගුනේ නිතැතින්මයි..

"කලින් කියන්නෙපැයි ඕක...බඩු තියෙනවා..හැබැයි එක දෙයක්..ඔයා බොන්නෝනි එක ග්ලාස් එකයි හොදේ..අයියා මට බොන්න කියලා පර්මිශන් දුන්නට හැමෝම හොඳ සිහියෙන් ඉන්න ඕනි කියලා අයියා මට කිව්වා..එකෙක් හරි බිම වැටෙන්න බීල හිටියොත් මං ඉවරයි..එන්න මගෙ පස්සෙන්..ඒක නෙමෙයි..ජන්ග්කුක් කෝ..."

හොබී ජිමින්ගෙන් එහෙම අහලා ඉදිරියට ඇවිදන් ගියේ ජිමින් හිත යටින් හිනාවෙවී හොබීගෙ පස්සෙන් එද්දී..

"ආහ්..එයා ටේහ්‍යොන් සර් එක්ක කතා කර කර හිටියේ..නෑ නෑ..ටේහ්‍යොන් හ්‍යුන් එක්ක..මට බෑ අප්පා සර්ට හ්‍යුන් කියන්න..හරි අමුතුයි සර් සර් කියලා කතා කරලා හ්‍යුන් කියද්දී..."

You Belong To Meᵀᴷ (Ongoing)Where stories live. Discover now