Chapter 05

128 35 31
                                    


  ටේහ්‍යාන්ගේ ප්‍රථම දවසේ ප්‍රථම පැය ගණන සාර්ථකව නිම වෙමින් ඔවුන් සියල්ල හට මද විවේකයක් ලැබී තිබුණා. යමෙක් තවමත් දේශන ශාලාව තුල නතර වී ටේහ්‍යාන්ගෙන් විස්තර දැනගනිද්දී බොහෝ පිරිසක් ඉන් පිටවී ගොස් තමන්ට රිසි ස්ථාන වල ගැවසෙමින් විවේකය ගත කරා. මේ අතර පිරිමි ළමුන් බොහෝ දෙනෙක්ගේ අවධානය නිරන්තරයෙන් රැදුණේ ෆුට්බෝල් කෝට් එක වෙතටයි.

" හේ,, බෝයිස්... උබලා දන්නවද අපේ යුනී එකෙන් තවත් ෆුට්බෝල් ටීම් එකක් හදන්න යනවා.. උබලටත් චාන්සස් තියනවා, ඇප්ලයි කරපං.. "

ඩ්‍රසින් රූම් එක කෙලවර පුටු පේළියෙන් පුටුවක් ගත් චාලි, එය ජන්ග්කුක්ගෙ සමීපයේ තබමින් අලුත් ආරංචිය පැවසුවා. චාලි කියන්නේ ෆුට්බෝල් ටීම් එකේ කැප්ටන් වගේම, අවුරුදු හතරක් නොකඩවා ෆුට්බෝල් චැම්පියන්. ජන්ග්කුක්ගෙ කර වටා අතක් දමා ගත් චාලි තවත් තම පුටුව ජන්ග්කුක්ගෙ අසලට කිට්ටු කරමින්, ලොකු කල්පනාවක වැටී සිටින ජන්ග්කුක් දිහා බලන් කට කොනින් හිනා වුණා.

" උබ හරි, යුනී එකෙන් අවුට් වෙන්න කලින් එක මැච් එකක් හරි ප්ලේ කරන්න ඕන..
කෝච් කොහෙද චාලි ? "

ඩේවිඩ්, චාලිගේ ආරාධනයට එකග වෙමින් කතා කරද්දී ජන්ග්කුක්ගෙ කර වටා රැදි තම අත ඉවත් කරගත් චාලි, තමා ඇද සිටි ප්‍රැක්ටිස් ස්කිනි එක ගලවා දහඩිය පිරුණු උඩුකය සම්පූර්ණයෙන්ම නිරුවත් කරගත්තා. චාලිගේ මේ හැසිරීම් දිහා ඕනෑවට එපාවට බලන් සිටි ජිමින් එකවැර ඇස් කරකවමින් ජන්ග්කුක් දෙස බලද්දී නිහඩ ජන්ග්කුක් තම අත් දෙක දණිස් දෙකට වාරු කරගනිමින් වෙනම කල්පනාවක පොතක පිටු පෙරලමින් සිටියා. ජන්ග්කුක්ට ඒ තරමටම කල්පනා කරන්න තියෙන්නේ මොනවාද ?

 ජන්ග්කුක්ට ඒ තරමටම කල්පනා කරන්න තියෙන්නේ මොනවාද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Pain of Heart || Taekook Where stories live. Discover now