එහෙම කියලා ටේ යන්න යද්දිම බෝගම් ටේගේ අතින් ඇල්ලුවා.ටේට ටිකක් රිදුනේ තුවාල වෙච්ච අතම බෝගම් අල්ලපු නිසා. තරහින් බෝගම් දිහා බැලුව ටේ අත ගස්සලා දැම්මා.

Doctor බෝගම් මම කිව්වා ලාරා එයි එයා කියයි කියලා....
ටේ බෝගම්ට කෑගහලා එතනින් යද්දිම ලාරා එලියට ආවා.

ලාරා!...එයාට කොහොමද?...
ටේ කතා කරපු විදිහ කල්පනා කරපු බෝගම් දැක්කේ ලාරා එනවා, දුවගෙන ඇවිත් එයා ලාරාගෙන් ඇහුවා.

කියන්න ලාරා මගේ ජිමිනි හොදින්නේද මගේ මැණිකට කරදරයක් නැනේ...කට වහන් ඉන්නැතුව තමුන් හරි කියනවා ලාරා!....
බෝගම් කැගැහුවම පුදුමයෙන් බෝගම් දිහා බලන හිටිය ලාරා හරි සිහියට ආවා. බෝගම් කියන්නේ play boy කෙනෙක් ඉතින් මේ වගේ කෙනෙක්ට කතා කරද්දි ලාරා පුදුම වෙන එක සාදාරනයි.

එයා හොදින් doctor බෝගම්!
ලාරාඒ වචන ටික කියද්දි තමයි බෝගම් සැනසිලි හුස්මක් ගත්තේ.

ඒත්......

ඒත් මොකද්ද?....

සර්......

කියන්න ඒත් මොකද්ද ලාරා!....

සර් operation එක success වුනාට operation එක මගදි එයාට stroke එක ආවා.....
ලාරා කිය්දදි බෝගම්ගේ ඇස් උඩ ගියා.

මොකක්?.....

ඔව් සර් දැන් patient කතා කරන්න බෑ වගේම එයාට ඇවිදින්නත් බෑ එයා පැරලයිස් stage එකේ ඉන්නේ......

මොකක් operate කරේ doctor Kim නේද? ආහ් එයාගේ record වල කවදාවත් එහෙම වෙලා නෑ...අනික එහෙම මගදි එහෙම කොහොමද වෙන්නේ ලාරා?..........
බෝගම් කෑගහද්දි ලාරා බෝගම්ව සන්සුන් කරන්න උත්සහා කරා.

MONSTER KINGWhere stories live. Discover now