Chapter 05

236 60 2
                                    

Jungkook's view

අද රෑ ශිෆ්ට් එකට ජිමින් හ්යෝන්ග් එන්න ටිකක් පරක්කු වුන නිසා මන් ගෙදර එද්දි රෑ අටටත් ළං වෙලා. මින්යූ මන් වෙනුවෙන් බලන් ඉන්න බව දන්නවා වුනත් මන් එයාට කෝල් නො කළේ මේ එයා පුංචි සූයාව නිදි කරවන වෙලාව නිසා. හිතුවා වගේ ම මන් ගෙදර එද්දි සූයා හිටියේ මින්යූගේ උකුළේ නිසා මන් වැඩි සද්ද බද්දයක් නැතුව ම ඇවිත් වොෂ් දාගත්තේ ඊටපස්සේ පේෂන්ට්ස්ලගේ රිපෝට්ස් වගයක් චෙක් කරන්න තිබුන නිසා.

"ජන්ග්කුකා.. "

ඔෆිස් රූම් එකේ බැල්කනි එකට වෙලා රිපෝට්ස් චෙක් කර කර හිටපු මන් හැරුනේ උරහිසට දැනුන ස්පර්ශයත් එක්ක.

"ඔහ්..මින්යූ-යා.. සූයා නිදි ද? "

මන් මගේ උරහිස උඩ තිබුන මින්යූගේ අතින් අල්ලලා එයාව මගේ තුරුළට ගත්තේ එයාගෙන් පෙරළා උත්තරයක් බලාපොරොත්තු නො වීමයි.

"නේ.. සෑහෙන වෙලාවක් දඟලලා දඟලලා ඔන්න අන්තිමට නිදා ගත්තා. "

"ම්ම්.. "

"ජන්ග්කුකා.. ඔයා ආපහු පේන්ටින්ග් පටන් ගන්න ද යන්නේ? "

මින්යූගේ ඒ ප්‍රශ්නෙත් එක්ක එයා මන් අද එද්දි අරගෙන ආපු බඩු ටික දැකලා බව මට තේරුම් ගියා.

"ඔයා බඩු ටික දැක්කා නේද මින්යූ-යා? හ්ම්.. මට හිතුනා ආපහු පේන්ටින්ග් කරන්න. "

මන් මින්යූට උත්තර දුන්නේ එයාව තවත් මගේ තුරුළට ගන්න අතරේ.

"වේ එකපාරට එහෙම හිතුනේ? "

පුරුදු විදිහට ම මින්යූ මගේ මූණට එබුනා.

"ආනි.. එකපාරට නෙමේ. සූයාටත් අප්පගේ ටැලන්ට් එක තියෙනවා වගේ. පුංචි වුනත් එයා පැන්සල අල්ලන විදිහෙන් මට ඒක දැනුණා. ඉතින් එයා ලොකු වුනා ම කල්පනා කළොත් එයාට ඒ ටැලන්ට් එක ආවේ කොහෙන්ද කියලා. ඒ නිසා එයා පොඩි කාලේ ඉඳන් ම මාත් පේන්ටින්ග් කරනවා දැක්කොත් එයා හිතයි ඒක මගෙන් ආපු එකක් කියලා. අනිත් අතට එයා කැමති නම් එයාව පේන්ටින්ග්වලින් ඉස්සරහට අරන් යන්නත් ලේසි වෙයි අපිට. "

මන් පරිස්සමට වචන ගලපද්දි මින්යූ එක මොහොතකටවත් මගෙන් ඇස් ඉවතට නො ගෙන බලාගෙන හිටියේ එතකොට මට බොරු කියන්න බැරි බව එයා අත්දැකීමෙන් ම දන්න නිසා.

Appa || JJK [Completed] Where stories live. Discover now