Chapter 04

260 61 19
                                    

Author's view

"යස්.. කම් ඉන්. "

විවෘත වුන දොරෙන් ඇතුළට එබුනේ ජන්ග්කුක්ගේ වයසේ ම වගේ පෙනුන තරුණියක්. ඩොක්ටර් කිම් එක්ක හිටපු ජන්ග්කුක්ව දැකපු ඒ ඇස් මොහොතකට ගැස්සුනා වුණත් තරුණිය ඉක්මනින් යුහුසුළු වුනේ තමන්ව අඳුන්වා දෙන්න.

"අන්යොන්හසෙයියෝ ඩොක්ටර් කිම්. මන් සෝ මින්යූ. වෝඩ් නම්බර් ටූවල ඉන්ටර්න් කෙනෙක්. "

"නයිස් ටු මීට් යූ මින්යූ. ඔයාට පුළුවන් ද තව පැය බාගයකින් වගේ එන්න? මන් දැන් පොඩි වැඩක ඉන්නේ. "

මින්යූගේ හදිසි පැමිණීමත් එක්ක තරමක් වික්ෂිප්ත වුන ඩොක්ටර් කිම් කිව්වේ ජන්ග්කුක් දිහාත් බලලා.

"ආනියෝ ඩොක්ටර් කිම්. ජන්ග්කුක්ත් ඉන්න එක හොඳයි. මන් ආවේ NICU එකේ ඉන්න බබා ගැන කතා කරන්න. මන් හිතන්නේ ඩොක්ටර් කිම් එක්ක ජන්ග්කුක් කතා කරන්න ඇත්තෙත් ඒ ගැන. "

මින්යූ කියද්දි ජන්ග්කුක් එයා දිහා බැලුවේ පුදුමයෙන්.

"ආහ්.. නේ නේ. ඒත් මින්යූට ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? "

"ඒ බබාට ඔම්මා කෙනෙක් නැති වෙන්නේ නෑ ඩොක්ටර් කිම්. මන් කැමතියි එයාගේ ඔම්මා වෙන්න. "

"යාහ්.. සෝ මින්යූ.. "

මින්යූ කිසිම පැකිලීමකින් තොරව කියපු දේ ඩොක්ටර් කිම් දවසේ දෙවෙනි වතාවටත් පුදුමයෙන් පුදුමයට පත් කරන්න වගේ ම ජන්ග්කුක්ව වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිට්ටවන්නත් සමත් වුනා.

"ඩොක්ටර් කිම්, ජොසොහම්නිදා. අපිට පොඩි වෙලාවක් දෙන්න. "

තාමත් පුදුමයෙන් බලන් ඉන්න ඩොක්ටර් කිම්ට එහෙම කියපු ජන්ග්කුක් මින්යූවත් ඇදගෙන ඇවිත් නැවතුනේ හොස්පිට්ල් ගාඩ්න් එකේ වැඩිය මිනිස්සු එන්නේ නැති පැත්තක. පුංචි කෙලි පැටික්කි එයාගේ ජීවිතේට එන්න කලින් කාර්යබහුල ජීවිතයෙන් නිදහසක් ඕනේ කරපු හැම වෙලේ ම ජන්ග්කුක් ආවේ මෙතනට.

"ආව් ජන්ග්කුක්.. එන්නේ මෙතනට කිව්වා නම් මන් එනවනේ. ඔහොම මගේ අතින් ඇදගෙන එන්න ඕනේ නැහැනේ. "

මින්යූ නෝක්කාඩුවට වගේ කිව්වේ ජන්ග්කුක්ගේ අතින් තමන්ගේ අත ගලවගන්න උත්සාහ කරන අතරේ.

Appa || JJK [Completed] Where stories live. Discover now