Chapter 02

351 65 24
                                    

Jungkook's view

"යාහ් ජන්ග්කුකා.. යන්නේ නැද්ද වෝඩ් රවුන්ඩ් එකට? ඔයා පරක්කු නිසයි මන් මේ හොයන්න ආවේ. "

NICU එකේ වීදුරුවෙන් ඇතුළ බලාගෙන හිටපු මන් ගැස්සිලා ගියේ ජිමින් හ්යොන්ග්ගේ කටහඬට. කලබලයෙන් ම වගේ වෙලාව බැලුවත් මගේ ඇස් උඩ ගියේ දැන් හවස වෝඩ් රවුන්ඩ් එකට විනාඩි පහළොවක් ම පරක්කු බව දැකලා.

"මියාන්හේ හ්යොන්ග්.. මට දැනුනේ නෑ මෙච්චර වෙලා ගිහින් කියලා. "

මන් කියද්දි ජිමින් හ්යොන්ග් හිනා වුණා.

"කොහේ තේරෙන්න ද ඉතින්.. මෙයාගේ වැඩේ ම ඉතින් දැන් මේ බබා දිහා බලන් ඉන්න එකනේ. "

හ්යොන්ග්ගේ කතාවට මගේ මූණෙත් ළා හිනාවක් ඇඳුනේ මටත් නො දැනීමයි.

ඇත්ත.. මීට දවස් පහකට කලින් ඉපදුන මේ චූටි කෙලි පැටික්කිට මගේ හිතත් එක්ක ලොකු බැඳීමක් තියෙන පාටයි. ලැබෙන පුංචි විවේකයේ දීත් NICU එකට ඇවිත් ඉන්කියුබේටර් එකක් ඇතුළේ පණ ගැහෙන එයා දිහා බලාගෙන ඉන්න තරමට එයා මගේ ජීවිතේට සමීප වෙලා. සෝල් නැෂනල් යුනිවර්සිටි හොස්පිට්ල් එකේ ඉන්ටර්න් කෙනෙක් වුන මට පුංචි දරුවෝ කියන්නේ මහ ලොකු අරුමයක් නො වුණත් මේ පුංචි කෙලි පැටික්කි තමයි මේ කාර්යබහුල ජීවිතයේ මට තියෙන එක ම සැනසීම. නො මේරූ දරු උපතක් වුන එයාට උපතින් ම එයාගේ කකුල් අහිමි වෙලා තිබුණා. ඒ වගේ ම ඩොක්ටර්ස්ලා කියන්නේ චූටි පැටික්කිගේ ඉනෙන් පහළ කොටස පණ නැති වෙන්න වුණත් පුළුවන් කියලා. කොයි තරම් අඩුපාඩුකම් තිබ්බත් මට එයාව පේන්නේ හරියට මට නැති වුන සතුට ආපහු අරගෙන ආපු සුරංගනාවියක් වගේ.

තවත් එකපාරක් ඉන්කියුබේටර් එක ඇතුළේ සනීපෙට නිදාගෙන ඉන්න කෙලි පැටික්කි දිහා බලලා මන් ආපහු හැරුණේ වෝඩ් රවුන්ඩ් එකට යන්න.

පරක්කු වෙලා තිබුන නිසා ජිමින් හ්යොන්ග්වත් මන්වත් විශේෂ කතාවක් නැතුව ඉක්මන් ගමනින් වෝඩ් එක දිහාවට ගියත් මන් ටිකකට නැවතුනේ දැකපු හුරුපුරුදු රූපයක් නිසා.

"ජන්ග්කුකා.. ඒ පාර මොකද? "

"අාහ්.. මුකුත් නෑ හ්යොන්ග්. අපි යමු. "

Appa || JJK [Completed] Where stories live. Discover now