"ස්තූතියි සහයක ජිමින්සි. අපි එහෙනම් ඊළඟ පියවරට යමු."

ටේහ්යොන්ග් කියද්දි ජිමින් ඔලුව වනලා එයාලගෙ ඊලඟ වැඩේට පොලොව සූදානම් කලේ යුංගි ඔලුව දෙපැත්තට වනලා මේ වැඩේ තේරුමක් නෑ කියලා පෙන්නන්න උත්සාහ කරද්දි. දැනටමත් දවස් තුනක්ම ගතවෙලා තිබුණ නිසා යුංගිට දෙපාර්තමේන්තුවෙන් එකදිගටම චිත්‍රෙ ගැන අහලා ඇමතුම් ලැබුණා. ඒත් ඔහුට කියන්න කිසිම දෙයක් නොතිබුණ තැන චිත්‍රය තාමත් හමුවුනේ නැහැ කියන බොරුව කියන්න හිත හදාගත්තා. ඔහුට ඕන වුණේ නැහැ අහිංසක ජීවිත හතරක් චිත්‍රෙ ඇතුළෙ හිරවෙලා ඉන්න වෙලාවක චිත්‍රෙ රජයට බාරදීලා ගෞරවයක් ලබාගන්න.

මේ වෙලාවෙ අනිත් කට්ටිය හිටියෙ ඔවුන් හොයාගත්ත කළු කුහරය ඇතුළට යන්න තීරණය කරලා. වැඩේට ජින් නම්ජුන් දෙන්නා විරුද්ධ වුනත් ජංගුක්ට ඕන වුණේ කොහොමහරි ඇතුලට යන්න. මින්හාට වුනත් මේ තීරණේ අවධානමක් පේන්න තිබුණට පොලිස් නිලධාරිනියක් වීම නිසා ජංගුක්ට තිබුණ මුරණ්ඩු කම අඩු නැතුව ඇයටත් පිහිටලා තිබුණා.

"ඔයාලා එළියෙන් ඉන්න මම ගිහින් බලන්නම්."

ජංගුක් කිව්වෙ අනිත් තුන් දෙනා දිහා බලන ගමන්. කළු කුහරය ඇතුළට යන තීරණය ඔහුගේ නිසා ඒ තීරණය නිසා අනිත් අයට අනතුරක් වෙනවට ඔහු කැමති වුණේ නැහැ. මින්හා ගැන වුනත් ඔහුට තිබුණෙ ඒ වගේම හැඟීමක්.

"යාආආආ...... තමුන් එහෙම තනියම යන්නෙ කොහොමද ආආ? යන තැනකට මාත් එනවා. කැප්ටන් යුංගි මේ වැඩේ බාරදුන්නෙ අපි දෙන්නටම යි."

මින්හා සූදානම් වුණේ ජංගුක්ටත් කලින්ම ඇතුලට යන්න. ඒත් ඔහු ඇයව අතින් අල්ලලා නතර කරනවා.

"ඔයා ඇතුලට යන්නෙ නෑ. මං විතරයි යන්නෙ. ඔයාට මොකුත් වෙනවට මං කැමති නෑ මින්හා."

"ඒක මොකද ඒ? මට මොකුත් වුනාම ඔහේට මොකද? මං අත දරුවෙක් නෙවෙයිනෙ. යන තැනකට මාත් එනවා."

මින්හා ජංගුක් දෙන්නා ආයෙත් රණ්ඩුව පටන් ගන්නකොට ඒ දිහා බලාගෙන හිටපු ජින් නම්ජුන් දෙන්නා නම් හිටියෙ හිනාව තද කරගෙන. දෙන්නටම මොන මොනවද දේවල් ටිකක් තේරිලා තිබුණ නිසා දිගටම ජංගුක් මින්හා දෙන්නට විහිලු කරන්න එයාලා අමතක කලේ නැහැ.

"යනවා නම් අනේ මං අරං.... යන තැනකට යන්න රත්තරන්. හහ්.... හහ්....හා...."

ජින් පුංචි සිංදු කෑල්ලකුත් කියලා නම්ජුන්ට තඩිබාන ගමන් හිනා වෙද්දි මින්හා හිටියෙ ආයෙත් ලැජ්ජාව නිසා කේන්ති ගිහින්. ජංගුක්ට ගහන්න ඕන වුනත් කොල්ලට ඒක දැනෙන්නෙ වත් නෑ කියලා දන්න නිසාම කෙල්ල ඒ අදහස අතෑරලා දැම්මා.

"මං තමුන්ගෙ හා දත් දෙක උගුල්ලලා දාන්න කලින් මට ලැජ්ජ කරන එක නවත්තනවාආආආ....."

"ඒක මගේ වැරැද්දක් නෙවෙයිනෙ කිඹුලියෙ. මේ හියොන්ලා දෙන්නා තමයි පිස්සු කියවන්නෙ. නැත්නම් මට කොච්චර ලස්සන සුරංගනාවියො වගේ කෙල්ලො ඉන්නවද?"

ජංගුක් පැත්තකට හැරිලා රවාගෙන කියද්දි ජින් ආපහු එයාලට කරන්න තියෙන දේ මතක් කලා. මෙතන මෙච්චර වැදගත් වැඩක් තියෙන වෙලාවෙ හැමෝම කරන්නෙ වෙන වෙන වැඩ.

"හරි හරි..... මුලින්ම මම යන්නෙ... ඊටපස්සෙ නම්ජුන් එන්න... පස්සෙන් ඔය දෙන්නා. යුද්ධෙදි වුනත් පෙරමුණ ගන්නෙ රජතුමානෙ."

ජින් කිව්වෙ ආඩම්බරෙන්. කොච්චර විකාර කරත් තමන්ට වඩා පොඩි අයව ලේසියෙන් අනතුරේ දාන්න හිත හදාගන්න ජින්ට බැරි වුණා. ඒකයි ඔහු අනතුර ගැන හිතන්නෙ නැතුව යන්න තීරණය කලේ. මොකක් හරි කරදරයක් වුණොත් මුලින්ම ඒකට මුහුණ දෙන්න වෙන්නෙ එයාට නෙ.

ජින් කලු කුහරය ඇතුළට අත දාලා බැලුවම ඇතුල හිස් අවකාශයක් කියලා ඔහුට තේරුණා. ගෙදර පොලොව ලඟ ඉඳලා ඔහුගේ උසට හරියන තරම් විතර ලොකු කුහරය ඇතුළට කකුල තියලා අඩිය තියන්න පුළුවන් තැනක් තියෙනවද කියලයි ඔහු ඊලඟට බැලුවෙ. ඒත් එක්කම කුහරය ඇතුලෙන් ඔහුට පොලොව කියලා හිතන්න පුළුවන් දෙයක් දැනුණා.

"මං හිතන්නේ මෙතන පඩිපෙළක් තියෙනවා."

ගෙදර ඇතුලෙ ඉඳලාම ඔහුගේ දිග කකුල කුහරයේ පොලොව දිගේ එහෙමෙහෙ කරපු ජින්ට ඒක පඩිපෙළක් කියලා අඳුරගන්න පුළුවන් වුනා. ජින් අනිත් අයගෙ දිහාත් බලලා ලොකු හුස්මක් පහලට දැම්මෙ ඇතුලට යන්න හිත හදාගෙන.

"අපි කට්ටිය අත් අල්ලගෙන යමු. එතකොට කාවවත් මඟෑරෙන්නෙ නෑ."

ජංගුක් කියද්දි ජින් නම්ජුන්ගෙ අතිනුත්, නම්ජුන් මින්හාගෙ අතිනුත් අන්තිමටම මින්හා ජංගුක්ගෙ අතිනුත් අල්ලගෙන කුහරයට ඇතුළු වුණා. ජංගුක් මින්හාව තමන්ගෙ ඉස්සරහට දාන්න හේතු වුණේ ඇයව කරදර වලින් ආරක්ෂා කරන්න. එතකොට කුහරය ඇතුලෙදි තමන්ට අනතුරක් වුනත් කෙල්ලට නම්ජුන් ජින් දෙන්නා එක්ක ඉස්සරහට යන්න පුළුවන්. 





______________________________________________

ඉස්සරහට මොනවා වෙයිද?

The Magic Painting || JJK ✓Where stories live. Discover now