TH-" P-princess ..."

ටේහ්‍යුන්ග් , බබාගෙන් ඈත් වෙලා ජන්කුක් දිහා බැලුවා. මේ පලවෙනි වතාව ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇස් වල කදුලු දැක්කේ. ඒත් ඇයි මේ, මොකක් උනත් ජන්කුක් දැක්කා ටේහ්‍යුන්ග්ගේ ඇස් වල අමුතු හැගීම් ගොඩක් පිරිලා. ටේහ්‍යුන්ග් සතුටින්...

TH-" එයා .... එයා... මට කිව්වා... මට එයා d-dadaa කිව්වා... මං.. මං dadaa... එයා මට dadaa කිව්වා "

ජන්කුක්ගේ ඇස් ලොකු උනා. ජන්කුක් දන්න තරමින් එයාගේ පුංචි සුරංගනාවී සාමාන්‍යයෙන් කාත් එක්කවත් කතා කරන් නෑ, ඒ වගේම පිට මිනිස්සුන්ට එයා බයයි. ආගන්තුකයන්ට ගොඩක් බයයි.. ඒත් ඒ බබා ටේහ්‍යුන්ග්ට dadaa කියලා.

Jk-" මොකක් ? "

ඒ වගේම ජන්කුක්ට කවදාවත් ඕන උනේ නෑ, බබා කවදාවත් ටේහ්‍යුන්ග් එක්ක connection එකක් හදා ගන්නවා දකින්න එයා ඒකට බය උනා.

Jk-" M-mingi ? මො-මොකද්ද .. මොකද්ද කිව්වේ ... ? "

ජන්කුක් , පුංචි බබා දිහා බැලුවා. Mingi මොකුත් කිව්වේ නෑ. මොකුත් නොකියා ජන්කුක්ගේ ඇස් දිහා බලන් හිටියා.

Jk-" කියන්න මොකද්ද කිව්වේ ? "

ජන්කුක් , ටිකක් තදින් බබාට කතා කරා.

Jk-" මං ඇහුවේ මොක්~~"

TH-" මගෙ දරුවට සැර කරන්න එපා "

What the fuck ? මගෙ දරුවා ? හහ් ටේහ්‍යුන්ග්ට කොහෙන් ආව හයියක්ද ? මේ දරුවා මෙච්චරකල් තනියෙන් හැදුවේ ජන්කුක් . ඒත් ටේහ්‍යුන්ග් එකපාරම කොහෙන් ආව හයියකටද එහෙම කියන්නේ. ටේහ්‍යුන්ග්ට කිසි අයිතියක් නෑ, ජන්කුක්ට එහෙම කතා කරන්න.

Jk-" අහ් ? "

TH-" පේන් නැද්ද , මගෙ පොඩි angel හොදටම බය වෙලා... එයාව උදේම බය කරන්න එපා "

ටේහ්‍යුන්ග් පුංචි බබාව වඩා ගත්තේ හරියට , දරුවෝ බලාගෙන හොදටම පුරුදු කෙනෙක් වගේ. ටේහ්‍යුන්ග් බබාවත් වඩාගෙන ඇදෙන් නැගිට්ටා.

TH-" මගෙ angel යමු අපි දෙන්නා.. mamaa හරිම නරකයි.. අපි දෙන්නටම සැර කරනවා.  "

ටේහ්‍යුන්ග් බබා එක්ක කතා කර කර කබඩ් එක ගාව ගියා. බබත් ටේහ්‍යුන්ග් අතේ හිනා වෙවී ඉන්නේ හරියට අවුරුදු ගානක ඉදන් අදුනන කෙනෙක් වගේ. ටේහ්‍යුන්ග් කබඩ් එක ලගට ගිහින්, හරියට ටේහ්‍යුන්ග්ගේ කබඩ් එක වගේ කබඩ් එක ඇරලා රෙදි තෝරන්න ගත්තා.

The Choice Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ