ඊටපස්සෙ මං වෙනුකිට දැම්මෙ තියුණු බැල්මක්.... මේකි කියන්නෙ ඇත්ත වෙන්න පුළුවන්ද....?

"උබ මේ කියන්නෙ ඇත්තක්ද කියපන්...."

"අනේ මාව විශ්වාස නැත්නම් මාත් එක්ක ඩොක්ටර් කෙනෙක් ලගට යන්න එන්න ලොකු අයියෙ....."

එහෙනම් බොරුවක් වෙන්නත් බෑ... ඒත් විශ්වාස කරන්නත් අමාරුයි...

"ඒක ඇත්තක් නම් ,මට කියපන් වෙනුකි....කාගෙද ඔය බඩේ ඉන්න ළමයා...?"

"ඒ..ඒක ම්..මං දන්නෙත් නෑ ලොකු අයියෙ......"

"මොකාක්....?? දන්නෙ නෑ......? මොන කුණුහර්පයක්ද උබ ඔය කියන්නෙ....? උබ කියන්නෙ හුළගින් ආවා කියලද....? මගෙ යකා අවුස්සන එපා වෙනුකි....."

"අනෙ ලොකු අයියෙ මං මේ ඇත්තමයි කියන්නෙ....මේ ළමයා කාගෙද කියලා මං දන්නෑ අයියේ....මාසෙකට කලින් යාළුවෙක්ගෙ පාටි එකකට ගියා හොටෙල් එක්කට.... ඒ ගිහින් එදා යාළුවො බල කරපු නිසා උන් එක්ක ටිකක් බිව්වා.... එ....................."

"වෙනුකි.......! උබ.........."

"අනෙ අහන්නකො ලොකු අයියෙ..... එදා පළවෙනි පාරට මං එහෙම බිව්වෙ....ඒත් බියර් විතරයි....ඊටපස්සෙ පහුවදා නැගිටිනකොට මං හිටියෙ හොටෙල් රූම් එකක් ඇතුලෙ.... මං නැගිට්ටෙ ගොඩාක් අමාරුවෙන්....ඒ වෙද්දි මට මොනවද වෙලා තියෙන්නෙ කියල තේරුම්ගන්න අමාරු උනෙ නෑ.... එදා ක්..කවුරුහරි... කවුරුහරි ම්..මාව..................අනෙ..හ්... ල්..ලොකු..අයි..යෙ....."

එතනින් එහාට කියාගන්න බැරුව ඒකී ආයෙත් අඩන්න ගන්නකොට මං අතකින් මගෙ නලල දෙපැත්ත මිරිකගත්තා..... මේ දේවල් නැන්දයි මාමායි දැනගත්තොත් මොනවා වෙයිද..... නැන්දට වඩා මං දුක් වෙන්නෙ මාමා ගැන.... ඒ මනුස්සයා තාම ඉන්නෙ ලෙඩ  ඇදේ......

"ඉතින් ඒ කවුද කියලා උබ දන්නෙ නෑ...? එහෙමද උබ කියන්නෙ....? උබට එහෙම කරේ කවුද කියලා හොයන්න උබ උත්සාහ කරෙත් නෑ....එහෙමද....? ඒතරමට සිහිය නැති වෙන්න උබ බිව්වෙ බියර් විතරයි කියල විශ්වාස ද....?"

මං ආයෙත් වෙනුකි දිහා බලන් එහෙම ඇහුවෙ මගෙ කේන්තිය පාලනය කරගෙනයි......

"ඔ..ඔව් ලොකු අයියේ ඔව් බියර් එකක් විතරමයි..... අනිත් එක තමයි මට කාගෙන්වත් අහන්නවත් ඒ කවුද කියලා හොයන්නවත් හිතුනෙ නෑ.... ඒකෙන් මටමයි ලැජ්ජාවක් වෙන්නෙ... අනිත් මිනිස්සු දැනගත්තම මං කොහොමද ඊටපස්සෙ අනිත් අයට මුහුණ දෙන්නෙ කියල හිතුවා...."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now