බෝ....මගෙ මැණික.... මටද එයාටද මන්දා ගෙනාපු කිරි වීදුරුව එයාගෙ කකුල් ලගම බිම වැටිලා තියෙද්දි එයා ඇස් වල කදුළු පුරවන් මං දිහා බලන් හිටියා..... මගෙ කොල්ලගෙ මුහුණ දකිද්දි මට දැනුනෙ මගෙ ඇගම පණ නැති උනා වගෙයි......
*
*
*"බෝ......."
එයා මං දිහා බලන් ඉදලා එතනින් දුවනකොට වෙනුකිව පෙරලගෙන මං නැගිටිද්දි වෙනුකි බිමට ඇදන් වැටුනා....
"ආහ්ව්ව් ල..ලොකු අයියේ....මගෙ කොන්ද..........!"
එකී වැටිලා මොනවා උනාද කියලා හොයන්න මට සිහියක් තිබුනෙ නැ... මං පිස්සෙක් වගෙ සාලෙට දුවද්දි එයා එතන නැති නිසා ආයෙත් කුස්සියට දිව්වා.... කොණ්ඩෙත් අවුල් කරන් නැගිට්ටගමන් දුවගෙන ආපු මාව දැකලා කුස්සියේ කතා කර කර හිටපු අම්මයි නැන්දයි හැරිලා මං දිහා බැලුවා....
"ඇයි ලොකු පුතේ මේ....."
අම්මා මාව දැකලා කලබල වෙද්දි අමාරුවෙන් ගැහෙන පපුවත් සන්සුන් කරගෙන මං කතා කරන්න හැදුවත් වචනත් හිර වෙලා වගෙයි මට දැනුනෙ....
"අ..අම්මේ....බෝ..හ් අම්මා බෝව දැක්කද....?"
මගෙ හඩ පිටවුනෙ උගුරෙන් වගෙ.... අනේ මගෙ අහිංසකයගෙ හිත ගොඩාක් රිදෙන්න ඇති දෙයියනේ......
"ඔව් දැන් ඒ දරුවා මගෙන් කිරි එකක් හදන විදිහ අහගෙන ඒකත් හදාගෙන කාමරේට ආවා නේද....?"
අනේ මගෙ කොල්ලා පාන්දර සීතලෙ නැගිටගෙන මටද ඒක හැදුවේ....? ඒක අහද්දි පපුව දිගෙ හීරිගෙන වගෙ ආපු වේදනාවට මගෙ ඇස් දැවිල්ල ගන්නකොට ඇස් වලට උනන්න හදපු කදුළු මං ඇස්පිය ගහලා නවත්තගත්තා... උදෙන්ම ගේ ඇතුලෙ දාලා තිබුන පිරිත් සද්දෙට අම්මලට කෝප්පෙ බිදෙන හඩ ඇහිලා නෑ වගෙ....
"ආ... එහෙනම් චූටිගෙ කාමරේ වෙන්න ඇති... මං බලන්නම්...."
මං නැන්දා දිහාත් බලලා වෙනසක් නොපෙන්නවා චූටිගෙ කාමරේ ලගට ගියා...
"චූටි....! චූටි මේ දොර අරිනවා....."
එයාට ගොඩාක් තරහා ගියාම එයා කරන හිතුවක්කාර වැඩ දන්න නිසා මගෙ අත් වෙව්ලනවා.... මේ සීතලෙ එළියට ගියෙ නැතුව ඇති නේද...
YOU ARE READING
මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed
Fanfictionඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi