02.කොටස

3.2K 442 117
                                    

දොර ඇරලා තිබුනත් තට්ටු නොකර යන එක හරි නැති නිසා....දොරට තට්ටු කරන්න අත් උස්සනකොටම

" සලාංං.....💥"

*
*
*
මොකක් හරි ගොඩාක් සද්දෙන් බිදෙනවා ඇහෙන සද්දෙට මාව ගැස්සුනා....මං ඉක්මනටම ගෙදර දොරකඩින් අඩියක් දෙකක් ඇතුලට ගිහින් වටපිට බැලුවෙ කාටහරි කරදරයක්ද කියල බලන්නයි.....

එතකොටයි මං දැක්කෙ කවදාවත් දැකලා නැති කේන්තියකින් නපුරු බැලමකින් කොල්ලෙක් දිහා බලන් ඉන්න සුරේන් සර්ව....ඒත් මට පිටුපාලා සුරේන් සර්ගෙ පැත්තට හැරිලා හිටපු ඒ කොල්ලගෙ මුහුණ මං දැක්කෙ නැ..... එතනම බිම ලොකු වීදුරු මල් වාස් එකක් කුඩු වෙලා තිබුනා.... සර් තාමත් මාව දැක්කෙ නැ.... මං ආවෙ වැරදි වෙලාවකද මන්දා... එහෙම හිතන් ආයෙත් හැරෙන්න හදනකොටම සුරේන් සර්ගෙ කටේ සද්දෙට මගෙ කකුල් ඉබේම එතන නැවතුනා....

"යීබෝ......!! දැන්ම පලයන් උඹෙ කාමරේට.......!!!"

"බෑ....මං යන්නෙ නැ....!! ඩෑඩ් මට දැන්ම මගෙ බයික් එකේ කී එකයි ක්‍රෙඩිට් කාඩ්ස් ටිකයි දෙන්න..... නැත්නම් මං මේ ගෙදර බඩු ඔක්කොම කුඩු කරලා දානවා.....!!"

චටාස්.....!!

සුරේන් සර් අත දිග ඇරලා හයියෙන් ඒ කොල්ලගෙ කම්මුලට ගැහුවා....සර් මේතරම් කේන්තියෙන් ඉන්නවා මං මීට කලින් දැකලම නැ....

"මොකක්ද උඹ කිව්වෙ..?? ගෙදර බඩු කුඩු කරන්න...??? ඇයි මේවා උඹ හම්බකරපුවද...?? ක්‍රෙඩිට් කාඩ්ස් ,බයික් කාර් උඹ හම්බකරලා අරගෙනද...?? මැරුම් නොකා පලයන් කාමරේට....මේ දැන්ම.....!!!"

"හරි ඩෑඩ් අපි බලමුකො...ඔයා කොහොමද මාව නවත්තන්නෙ කියල...."

එහෙම කියල කේන්තියෙන් අත් මිටි මොලවගෙන මගෙ පැත්තට හැරුණ අර කොල්ලා බිම බලාගෙනම මං ඉන්න පැත්තට එනව මං දැක්කා... කතාවෙන් තේරුන විදිහට මේ ඉන්නෙ සුරේන් සර්ගෙ පුතා වෙන්න ඕනෙ.... ඒත් පුතා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ කිව්වනෙ... ආයෙත් ඇවිල්ලද...? අනේ මන්දා....මොකෙක් උනත් මහා හිතුවක්කාරයෙක් වගෙයි...ඒ කොල්ලත් තාම මාව දැක්කෙ නෑ...ඒත් මට ආයෙ හැරෙන්න වෙලාවකුත් නැ....

වේගයෙන් කේන්තියෙන් ආපු එයා මට මීටරයක් වගේ දුරින් නැවතිලා එකපාරටම ඔළුව ඉස්සුවා...එතකොටයි මං ඒ මුහුණ දැක්කෙ...

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedOnde as histórias ganham vida. Descobre agora