08.කොටස

2.7K 406 226
                                    

"අශූ.....!! අශූ බබාහ්.....!!"

එයාගෙ කල්පාවෙන් හිටපු මං ඒ රළු කටහඩට ගැස්සෙනකොට මගෙ උකුලෙ නිදාගෙන හිටපු බෝබෝ එකපාරටම නැගිටලා බය වෙලා ඒ ආපු කෙනා දිහා බලනකොට මාත් ඒ පැත්ත බැලුවා....

*
*
*
*
ඉස්සරහ දොර ලග හිටගෙන හිටියෙ සුදු උස මහත කොල්ලෙක්... කඩවසම් කියල කියන්නත් පුළුවන්... උසයි කිව්වට මගෙ උසම වගේ ඇති.... ඒ කොල්ලා මගෙයි බෝගෙයි දිහා බලනගමන් ටික ටික අපි ලගට ඇවිදන් එනකොට මමත් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා....

"තෙ..තේජාන් අයියෙ....."

තේජාන්

මගෙ ලග හිටපු බෝ එහෙම කියගෙන හිනා වෙලා ඒ කොල්ලා ලගට යද්දි මොකක්ද මේ වෙන්නෙ කියල හිතාගන්න බැරුව මං බලන් හිටියෙ

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

මගෙ ලග හිටපු බෝ එහෙම කියගෙන හිනා වෙලා ඒ කොල්ලා ලගට යද්දි මොකක්ද මේ වෙන්නෙ කියල හිතාගන්න බැරුව මං බලන් හිටියෙ.... කලින් බය වෙලා වගේ බලන් හිටපු කොල්ලා මෙහෙම හිනා වෙලා කතා කරද්දි මං බෝගෙ දිහා හොදට බැලුවා... එයා හිනා උනාට ඒ හදවතින් නෙමෙයි කියල මට දැනුනා.... ඒක මවාගත්ත හිනාවක්....

"ඕහ්..මයි ගෝඩ් අශූ......! මගෙ කොල්ලා දැන් ගොඩාක් ලොකුයිනෙ.....ෆොටෝස් , වීඩියෝස් වලින් දැක්කට වඩා පට්ට ලස්සනයිනෙ...."

මට ආවෙ කේන්තියක්... ඒකගෙ බැල්ම බෝබෝගෙ උඩට ඉදන් යටට වෙනකන් යද්දි ඒ ඇස් වලින් දැකපු දේ මගෙ ඇග හිරිවැට්ටුවා....ඒ කොල්ලත් බෝට කතා කලේ අශූ කියල......ඒත් කවුද මේ තේජාන්...? නම ටිකක් අහලා තියෙනවා වගෙත් මතකයි....

"තේජාන් අයියා...ඔයා කවදද ආවේ..? නැන්දි මට කිව්වෙවත් නැහැනෙ ඔයා එනවා කියල....?"

ආහ්... දැනුයි මතක් උනේ...එදා බෝගෙ නැන්දා බැල්කනි එකේදි කාත් එක්කද කතා කලේ මේ නම කියල තමයි... එතකොට ඒ මෙයා ද..? නැන්දගෙ පුතෙක්ද..? පුත්තු දෙන්නෙක් ඉන්නවා කිව්වනෙ... මේ එකෙක් වෙන්න ඇති....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedDär berättelser lever. Upptäck nu