"ආහ්..දැන් නම් කොන්දත් රිදෙනවා කුක්කෝ..මට නම් දැන් එපා වෙලා අප්පා ඉන්නේ.."

ජිමින් මූනත් බෙරි කරන් පුටුවෙන් නැගිටලා ඇගේ හිරි අරිමින් ජන්ග්කුක්ට එලෙස පැවසුවා..

"එහෙම කියන්නෙපා චිමී..තව මාස දෙකයිනේ..කෝමහරි කට්ට කාලා අපි සෝල් යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙමු..අපි වගේ දුප්පත් අයට කොහෙන්ද සල්ලි ගොඩක් දීලා ප්‍රයිවට් කැම්පස් යන්න සල්ලී..ඉතින් අපි මේ චාන්ස් එක නැති කරගන්න හොඳ නෑ..."

"ජන්ග්කුකා..මම දන්නවා මම නැති උනත් ඔයා සෝල් යුනිවර්සිටි තේරෙනවා කියලා..සෝල් ගියාම මාව අමතක කරන්නෙපා හොදේ.."

ජිමින් මද සිනහවකින් යුක්තව ජන්ග්කුක්ට එලෙස පැවසූ විට ජන්ග්කුක් ජිමින්ට ටොක්කක් ඇන්නා..

"මෝඩ චිමී..ඔයා නැතුව කොහොමත් මම සෝල් යන්නෙ නෑ...අපි දෙන්නා මහන්සි වෙලා වැඩ කරමු..මොකද කියන්නෙ ඔයා හවස අපේ ගෙදර එන්න..අපි පාඩම් වැඩ කරමු එකට..එතකොට කම්මැලිත් නෑනේ..."

"එතකොට ඔයා රෙස්ටුරන්ට් එකට යන්නෙ නැද්ද කුකී හවසට.."

ජිමින් එලෙස විමසුවේ පාසල් ඉවරවූ වහාම ජන්ග්කුක් හැමදාම ජින්ට සහය වීමට අවන්හලට යන හෙයින්...

"ජින් හ්‍යුන් මට මේ මාස දෙකේ වැඩ කරන්නෙපාමයි කියලා කිව්වා චිමී..එයා පව්..අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද.අනිවාරෙන් එයයි අම්මයි වෙනුවෙන් මම කොහොමහරි සෝල් යුනිවර්සිටි යන්නෝනි..."

"හරී..ඒනම් මම එන්නම් ඔයාලගෙ ගෙදර අපි දෙන්න එකට වැඩ කරලා කොහොමහරි සෝල් යුනිවර්සිටි යමු.."

ජිමින් ජන්ග්කුක් එලෙස කතිකා කරගත්තේ කෙසේ හෝ සෝල් යුනිවර්සිටි යන්න දැඩි අධිෂ්ඨානෙකුත් හිතේ තියාගෙනමයි..

මාස දෙකක් ගෙවිලා ගියේ බොහොම ඉක්මනින්..ජන්ග්කුක් හා ජිමින් අවසන් විභාගයට හොඳින් මුහුණ දුන්නේ ඔවුන්ගේ දෙමාපියන්ගේ ආශිර්වාදය සමඟමයි...හිතුවෙ වත් නැති විදිහට ජන්ග්කුක් අවසාන විභාගයෙන් කොලේජ් එකෙන්ම පලවෙනියා වෙද්දී ජිමින්ට හය වෙනියා වෙන්න පුලුවන් වුනා..දෙන්නගෙම කැපවීම නිසා සෝල් යුනිවර්සිටි යන්න දෙන්නටම ශිෂ්‍යත්ව ලැබුනේ ජිමින්ගෙ පවුලේ හා ජන්ග්කුක්ගේ පවුලේ දහසක් බලාපොරොත්තු ඇති කරමින්...

You Belong To Meᵀᴷ (Ongoing)Where stories live. Discover now