"බ්..බා..ග්බ්බ්භ්න්ම්..."

"එයාව අතාරින්නවා.........!!!    චටාස්............👋 "

එ...එයා.......එයා මට කම්මුලට ගැහුවද......... රදීශ්ගෙ බෙල්ල අල්ලන් හිටපු අතින් එයා මාව ඇදලා අරගෙන මගෙ  කම්මුලට ගහපු පාරට මාව අඩියක් පස්සට විසි උනා..........

"බ්...බෝ.........ඔයා..........."

"ඕහ්......ශිට්.........ඇති......මේ හොදටම ඇති........මට බෑ.... තවත් මේක කරන්න බෑ....... තමුසෙ මහා පිස්සෙක් ඕයී..... මට ඇති වෙලා තියෙන්නෙ.... "

"ම්..මගෙ...මැණික..............."

"මැණික......? හහ්.....ඔය විකාරෙ දැන් නවත්තනවා.........!"

එයා කේන්තියෙන්....... කමක් නෑ එයා මට ගැහුවට......එයාගෙ කේන්තිය සාධාරණයි...... එයා අර ෆෝටෝස් නිසා කේන්තියෙන් ඉන්නෙ..... මං පිස්සෙක් වගේ මෙතන ඇවිත් රදීශ්ව මරන්න දගලනවා......මාත් ඇත්ත නැත්ත හොයලා බලන්නෙ නැතුව බොරුවට කලබල උනානෙ.... එයාට තවත් කේන්ති යන්න ඇති...... ඉතින්  එයා සාධාරණයි......... එතකොට රදීශ් මොකද මෙහෙ කරන්නෙ...? ශර්ට් එකත් ගලවගෙන......? මොකක්ද එතකොට ඌ අර කියපු කතාව......? ශිට්.....ඌ මොනවා කිව්වත් මට තිබුනා  කලබල වෙන්නෙ නැතුව හෙමින් සැරේ මගෙ කොල්ලගෙන් ඒ ගැන අහන්න..... මං මහ මෝඩයෙක්......එයාව තවත් තරහා ගැස්සුවා......එයා ගහපු කම්මුලට අතකුත් තියාගෙන එයා දිහා බලන් කල්පනා කරද්දි මට තේරුනා මං තමයි මෙතන වැරදි කියලා..... එයා ඉනට අත් දෙකත් තියාගෙන බිම බලන් හයියෙන් හුස්ම ගන්නවා.....මං එයාට කොහොම හරි ඇත්ත තේරුම් කරලා එයාගෙ කේන්තිය නිවන්න ඕනෙ......ඊටපස්සෙ  රදීශ් ගැන අහන්න ඕනෙ....

"ම්..මගෙ මැණික.....එකපාරක් මං කියන දේ අහන්නකො..... ඒ වෙලාවේ නැන්දා..........."

"දැන්වත් ඕක නවත්තගන්නවා ශාන්........!!!"

පළවෙනි වතාවට....ඔව් පළවෙනි වතාවට එයා මගෙ නම කියල කෑගැහුවා......හැමදාමත් අයියෙ කියපු කටින් කේන්තියෙන් මගෙ නම කියවෙද්දි  එයා ගහපු කම්මුල් පාරටත් වඩා ඒ වචනෙ  මගෙ හිත රිද්දුවා........ එයා දැන් ඔළුව උස්සලා මං දිහා බලන් ඉන්නවා......ඇස් රතු වෙලා......  මං  මෙහෙට ආපු මුල්ම දවසෙ බැල්කනි එකේදී එයාව දැක්ක වෙලාවෙ වගේම....ඒ ඇස්වල  හැගීම් කියවගන්න අද අමාරුයි...... එයාව ඒ විදිහට ආයෙත් දකිනකොට මගෙ පපුව වේදනාවෙන් මිරිකෙනවා..... එයාට මේතරම් කේන්ති ගන්නෙ මාව විශ්වාස නැති නිසාද......? ඒත් එයා හැමදාම කිව්වෙ මාව එයාට එයාටත් වඩා විශ්වාසයි කියල නේද.....? මං රදීශ් දිහා බලනකොට ඌ සෝෆා එකේ වාඩි වෙලා ඌගෙ බෙල්ල අතගනගමන් තාමත් මට සමච්චලයට හිනා වෙනවා......

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now