"හා හා යමු පුතේ....මාත් එනවා...කොල්ලා දකිනකන් මගෙ හිතට සැනසීමක් නෑ.... ඉක්මනට ගිහින් උබටත් බෙහෙත් ටිකක් දාගෙන දරුවා එක්කගෙන එමු....."
"අම්මා ඉන්න අම්මේ....මං ඉක්මනට ගිහින් එයාව එක්කන් එන්නම්.... අප්පච්චිට හදිස්සියක් උනොත් චූටිට තනියම බලන්න බෑනෙ... රිකිල්ලට යන්නත් පැයක් යනවා..."
හිත ඇතුලෙන් කොච්චර කලබල උනත් ඒ බවක් අම්මට නොපෙන්වා ඉන්න මං ගොඩාක් උත්සාහ කරා...
"චූටී......ඉක්මනට ගිහින් කාර් එකේ යතුරු අරන් එන්න... ඒගමන් බලන්න චූටි අයියගෙ ෆෝන් එක මගෙ කාමරේද කියලා... මං ෆෝන් එකට කෝල් ගත්තත් ආන්ස්වර් කරේ නෑ...."
මං චූටිට එහෙම කිව්වෙ කාර් එක ලගට දුවනගමන්.....
"මට උබව විශ්වාසයි පුතේ...මොන ලෝකෙන් හරි මගෙ අහිංසකව හොයන් වරෙන්...."
අම්මා එහෙම කිව්වෙ කාර් එක ලගට ඇවිත් මගෙ අතකින් අල්ලගෙන....
"අ..අම්මා බය වෙන්න එපා.... මං ඉක්මනට එයාව එකකන් එන්නම්....."
චූටි ගේ ඇතුලට දුවනකොට මං අම්මගෙ ඔළුව අතගාලා එහෙම කිව්වෙ අම්මා මං දිහා ඇස්වල කදුළු පුරවන් බලන් ඉද්දි.... කොච්චර හංගන්න උත්සාහ කරත් අම්මලට අපිව දැනෙනවා... ඒත් මේ වගේ වෙලාවක කලබල වෙලා විලාප තියන්නෙ නැතුව මාව තේරුම් අරගෙන වචනයකින් හරි අම්මා මට දෙන්නෙ ලොකු ශක්තියක්.....
"ලොකූ මේ චූටි අයියා ඇල්ලට යද්දි ෆෝන් එකත් තියලා ගිහින්....අනෙ අයියේ.... මං එන්නත් එපාද......?"
එයාගෙ ෆෝන් එක අතට ගද්දි මට හීල්ලුවා.... ඒ ෆෝන් එකෙනුත් එන්නෙ එයාගෙ සුවද.... ෆෝන් එකෙන් විතරක් නෙමෙයි පැයගානකට කලින් මට තුරුල් වෙලා හිටපු නිසා මගෙ ලගිනුත් තාම එන්නෙ එයාගෙ සුවද..... එයාගෙ ෆෝන් එක අතට තද කරගෙන මං චූටි දිහා බැලුවා.....
"අම්මවයි අප්පච්චිවයි බලාගනින් චූටී..... මං ඉක්මනට එයාව එක්කගෙන එන්නම්.......උබට අමාරුයිද....? ඇගට අමාරුවක් තියේද....?"
"නෑ නෑ අප්පා මට කිසි අමාරුවක් නෑ...උන් විදපු වෙලාවෙම මං විත ගැලෙව්වා.... ගෙදර ආපුගමන් පුවක් ලෙල්ලක් උරච්චි කරලා ගෑවා.... දැන් පලුත් බැහැලා ගිහින්....අනෙ ඉක්මනට ගිහින් මගෙ චූටි අයියව එක්කන් එනවා ලොකු...."
YOU ARE READING
මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed
Fanfictionඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi
28.කොටස
Start from the beginning