මං නිතරම ආදරෙන් නංගියෙක්ට වගෙ මේකිට තේරුම් කරලා තියෙනවා මගෙ හිතේ එහෙම හැගීමක් නෑ කියල.... ඕනවට වඩා ඇගේ එල්ලෙද්දි මං බැනලත් තියෙනවා මං ගැන ඔය තියෙන අදහස අතඇරගනින් මං උබේ අයියා විතරයි කියලා.... ඒත් කෙල්ල කවදාවත් මං කියපු දේවල් කනකට ගන්නෙ නැතුව කවදාහරි මගේ වෙන්න හැමදාමත් හීන දැක්කා... කෙල්ල හිතන්න ඇති ආදරයක් නැති උනත් අම්මලා අප්පච්චිලගෙ කීමට හරි දවසක මං මේ කසාදෙට කැමති වෙයි කියලා.... ඔව් සමහර විට බෝ මගෙ ජීවිතේ නොහිටියනම් අකමැත්තෙන් උනත් අම්මලගෙ තීරණයකට මං කැමති වෙන්නත් ඉඩ තිබුනා....

ඒත් දැන් කොහොමටවත් එහෙම කරන්න බැ....කිසිම කෙනෙක් නිසා මට මගෙ හැගීම් මරලා දාන්න බැ.....

දැන් මේ කෙල්ල හදිස්සියෙම මට කවන්න හදන්නෙ මං ගැන එයාට තියෙන අයිතිය මගෙ කොල්ලට පෙන්නන්න වෙන්න ඇති... ඒත් මට සමාවෙයන් නංගියෙ... හිත රිද්දගෙන හරි උබට ඇත්ත තේරුම්ගන්න වෙනවා.....

" ඔයා බෙදාගෙන කන්න වෙනුකි.... මං කනගමන් බෝට කවන්න ඕනෙ...."

"ලොකු අයියේ....! ඔයා මොකටද එයාට කවන්නෙ...? එයාට අත් දෙකක් තියෙනවනෙ.... අතින් කන්න බැරියැ....."

"ඉතින් වෙනුකි මටත් අත් දෙකක් තියෙනවනෙ.... උබ දැන් ඇයි මට කවන්න හදන්නෙ....?"

මං එහෙම ඇහුවෙ මටයි මගෙ කොල්ලටයි ඇති වෙන්න තරම් ලොකු බත් එකක් බෙදාගෙන ඒකට හොදි මාළු බෙදනගමන්.....

"මං කවන්නෙ මං අයියට ආදරේ නිසයි.... අයියා මගෙ නිසයි......"

වෙනුකි එහෙම කියද්දි මේසෙ උඩ තිබුන මගෙ කොල්ලගෙ අතක් මිටි මෙලවෙනවා මං දැක්කා.... එයා ඉවසනවා.... ගොඩාක් ඉවසනවා මං වෙනුවෙන්..... මං ඒ අත උඩින් මගෙ අත තියලා වෙනුකිගෙ ඇස් දිහා කෙලින්ම බැලුවා.....

"එහෙනම් මං මේ කොල්ලට කවන්නෙ ඇයි කියලා උබ තේරුම්ගනින් නංගි....."

මගෙ ඒ වචන ඇහෙද්දිම කෙල්ලගෙ ඇස් ගැස්සුනා.....ඒත් එක්කම ඇස්වල කදුළු පිරුනා.... උබෙ හිත රිද්දලා මට සැනසෙන්න බැ නංගියෙ.... ඒත් කිසිම කෙනෙක් නිසා මගෙ කොල්ලගෙ හිතට දුකක් දෙන්නත් බැ..... කෙල්ල මගෙ දිහා බලන් ඉදල පිගාන සද්දෙන් මේසෙ උඩට අතඇරලා සාලෙට ගියා.....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now