"ආහ් තව පොඩ්ඩෙන් මං ඉවරයි...... දේවාන් අයියෙ....  මෙහෙ එනවකො... "

ඔන්න මාව මතක් වෙලා....අර දේවාන්වත් අතින් ඇදගෙන මං ලගට එනවා....

"ශාන් අයියේ.... මේ ඉන්නෙ අපේ දේවාන් අයියා... නැන්දිගෙ පොඩි පුතා.... තාම කැම්පස් යනවා....එතකොට දේවාන් අයියේ මේ ඉන්නෙ ශාන් අයියා.... මේ මගෙ............මගේ...."

"ඕ....ඉතින් මගෙ කවුද මේ....."

"අහ්..තමුසෙගෙ නෙමෙයි ඕයී මේ මගේ  බෝයිෆ්‍රෙන්ඩ්.....!!"

එයා එහෙම කියද්දි දේවාන්ට හයියෙන් හිනා ගියා....

"හරි බන් ඉතින් උබේ බෝයිෆ්‍රෙන්ඩ් මගෙ මස්සිනා කියපන්කො..... එතකොට හරිනෙ.... හායි කොහොමද ශාන්.....?"

"හෝව්...ටිකක් ඉන්නවා... එයාට අයියෙ කියනවා.... තමුසෙට වඩා වැඩිමල්....."

"ඔහ්...එහෙම පේන්නෙවත් නැහැනෙ.... මගෙ වයසම වගෙ.... නයිස් ටු මීට් යූ ශාන් අයියේ....."

"ම්ම්....නයිස් ටු මීට් යූ දේවාන්.... මල්ලි කොහෙද කැම්පස් යන්නෙ..?"

"මෙහෙ කොළඹ අයියෙ... "

"ඉතින්  ගෙදරට ලගයිනෙ මල්ලි...."

"ඔව් ලගයි නම් තමයි ... ඒත් මං වෙනම නිදහසෙ ඉන්න ආසයි.... දන්නැද්ද  ඉතින් ,මට අපෙ අයියගෙ වැඩ දිරවන්නෙ නෑනෙ.. අම්මත් ඉතින් එයාගෙ පැත්තෙම තමයි... ගෙදර ඉන්නකොට එයාලගෙ වැඩ වලට ඔළුව අවුල් වෙනවා විතරයි.... අපේ පොඩි එකා කියන්න ඇතිනෙ දෙන්නා ගැන....."

දේවාන් කිව්වෙ බෝගෙ ඔළුව අතගාලා.... ඒ කියන්නෙ දේවාන් උනත් අම්මගෙ අයියගෙ හැටි දන්න නිසා වෙන්න ඇති පවුලෙන් ඈත් වෙලා ඉන්නෙ... බෝ මට ඒ දේවල් කිසි දෙයක් කියලා නෑ... ඒත් ඉතින් එහෙම අගවන එක මගෙ කොල්ලට හොද නැති නිසා මං යන්තමින් හිනා වෙලා ඔළුව වැනුවා...

"මේ දේවාන් අයියෙ...අපි මොනව හරි බොන්න යන්න කියල හැදුවෙ... යමුකො අපිත් එක්ක..."

"ඔව් මල්ලි යමුද ටිකක් කතා කරන්නත් පුළුවන්නෙ... "

"අනේ දැන් බැරි වෙයි ශාන් අයියෙ... මං යාළුවෙක් එක්ක ඌගෙ උවමනාවකට ආවෙ... චූටියෝ මං අනිවාර්යයෙන් හවස එහෙ එන්නම් හරිද....?"

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now