හියුන්ග් .. ප්ලීස්...........!!!

Start from the beginning
                                    

හදවතේ පැසවන තුවාලයක් තියාගෙන සූමින් කැනඩා යන්න ෆ්ලයිට් එකට නැග්ගෙ හැඟීම් විරහිත ඇස් වලින්. හැබැයි එයාගෙ හිතට ලොකු සැනසීමක් එක අතකින් දැනුනා. හරියට කූඩුවකින් නිදහස් කරපු කුරුල්ලෙක් තරම් නිදහසක් එයාට දැනුනා. ඒවගේම තමන්ගේ ආදරේ වෙනුවෙන් කරපු කැපකිරීම් මතක් වෙලා එයා ගැනම චූටි ආඩම්බරයක් දැනුනා. ජංකුක්ව මතක් වෙලා දුක හිතුනත් අද ඉඳන් ජංකුක් හොයපු ජීවිතේ ලැබෙනවා කියලා හිතලා එයා සතුටු උනා. සූමින් කරපු දේ ගොඩක් අයට කරන්න අමාරු දෙයක්.. ඒත් එයා ඒක සතුටින් කලා.

ටිකින් ටික ඈත් වෙලා යන මතකයන් පිරුන ඒ අර්ධද්වීපය දිහා බලන් හිටපු සූමින්ගෙ ඇස් ආයෙ තෙත් වෙන්න ගත්තෙ ආයෙම හම්බෙන්න පාර්තනා කරන්නැති ඒත් මතකයන්වලින් වැඩි කොටසක් හිමි පුද්ගලයා මතක් වෙලා.

"මම යන්නම යනවා සොන්බේ........."

........................................................................

මේ අතරෙ සූමින්ව එයාපෝර්ට් එකට දාලා මිස්ටර් කිම් ,සොක්ජින් එක්ක කෙලින්ම ආවෙ ජොන් කම්පැනි එකට.

"ජංකුක් කෙලින්ම මගෙ කැබින් එකට එන්න"

කාලෙකට පස්සෙ අප්පගෙ ඇහුන තර්ජනාත්මක කටහඩට ජංකුක් අතේ තිබ්බ මෙච්චර වෙලා හිනා වෙවී කියව කියව හිටිය ලෙටර් එක පැත්තකින් තියලා නැගිට්ටා.

කැබින් එකට ඇතුලු වෙද්දිම ජංකුක් දැක්කෙ කිසිම හිනාවක් නැති මූනකින් හිටපු සොක්ජින් වගේම මිස්ටර් කිම් .ඒ එක්කම අප්පගෙ කලබලකාරි මුහුන දැක්ක ජංකුක්ට මොකක්ම හරි බරපතල දෙයක් සිද්ද වෙලා කියලා ඉවෙන් වගේ තේරුනා.

"ජංකුක් සිට්..."

මිස්ටර් ජොන් එයාලා ඉඳගෙන හිටපු කවුච් එක පෙන්නලා කීවෙ ජංකුක් සොක්ජින් දිහා උවමනාවෙන් බලනකොට.

මිස්ටර් කිම්ට වගේම සොක්ජින්ටත් ඔලුව නවලා ආචාර කරපු ජංකුක් එතනින් වාඩි උනත් සොක්ජින්ගෙවත්, මිස්ටර් කිම්ගෙ වත් මූනුවල වෙනසක් උන්නෑ. වෙනදා හිනාවෙන් පිරිලා ඉන්න ඒ දෙන්නගෙ වෙනස ජංකුක්ට හොඳටම තේරුනා.

" මිස්ටර් ජොන් ට කීවා වගේම අපිට අදම සයින් එක ඕනෙ. අනික් ටික අපි බලාගන්නම්.."

ANGEL BESIDES HIM🌼                                             [JJK FANFICTION]Where stories live. Discover now