21🩸♥️ 🔪

Start from the beginning
                                    

ජංකුක් එයාගේ තුවාල ජින්ට පෙන්න පෙන්න අඩන්න ගත්තා. මොනවා නැතත් එයාගේ දුක කියන්න දැන් එයා ලග ඉන්නේ ජින් නිසා.  ජින් කුකීව බදාගෙන ඔළුව අත ගාන්න ගත්තේ ජංකුක් තවත් හයියෙන් අඩද්දි

අපේ ඔම්මවම මැරුව එයාට ඔයාට වද දෙන්න වෙනම හිතන්න ඕන නෑ ජංකුක්

මොකක්!

ජින් කිව්ව වචන එක්ක කුකී අකුණක් ගැහුවා වගේ ජින්ගෙන් ඈත් වුනා.

ඇ-ඇත්තද හියුන් එයා ...එයා එයාගේ ඔම්මව මැරුවද

ඔව් ජංකුක් ඔයා දන්නවනේ මගේ ඔම්මා ටේ ලැබෙද්දි delivery එකෙදි අපිව දාලා ගියා, පස්සේ අප්පා අපිව බලාගන්න ආයේ මැරි කරා...හැමෝම දන්නවා එයා අපිව හොදට බලාගත්තා කියලා මටත් වඩා එයා හිටියේ ටේ එක්ක.....ටේව බෙයා කිය කිය එයා ටේව හොදට බලාගත්තා....

මං-මං දන්නවා හියුන්

ඒත් එයා ඔම්මව මැරුවේ මගේ ඇස් ඉස්සරහා....එයා මානසික ලෙඩෙක් කුකී ....ඔම්මව මටත් බේර ගන්න බැරා වුනා...ඒ පොඩි වයසින්ම ටේ ඔම්මව අමු අමුවෙන් මරලා දැම්මා......

හියු-හියුන්.....

අප්පට බෑ ජංකුක් අපි නැතුව ඉන්න එයාගේ ටේ බෙයා නැතුව ඉන්න අප්පා සල්ලි දිලා ඒක වැහුවා...අපි හිතුවා ටේ හැදෙයි කියලා ඒත් නෑ....මාත් මේ විදිහට සැර කෙනෙක් වගේ ඉන්නේ ටේව හදන්න ඒත් බැරි වුනා ජංකුක් මට මගේ මල්ලිව නැති වුනා.....මම හිතුවේ company එක අරන් හැමදේම control කරලා මගේ මල්ලිවත් control කරන්න ඒක මට බැරි වුනා....

ජින් බිම බලන් කදුලු පුරවන් කතා කරද්දා කුකී ජින්ගේ අතින් අල්ලන් සනසන්න ගත්තා.

මම ඔයාව අද කොහොම හරි බේරගෙන යනවා ජංකුකි යමු...මට සමාවෙන්න

ජින් ජංකුක්ගේ handcuff එක ගලවන්න යද්දි ජංකුක් ජින්ව නැවත්තුවා. ජින් ජංකුක් දිහා බැලුවේ ඇයි කියලා අහන්නයි.

ජංකුක්

එපා හියුන් මට එන්න බෑ

ජංකුක්! පිස්සුද ආහ්....මු ලග ඉදන් මැරෙන්නද යන්නේ ජංකුක් ටේ කියන්නේ මනුස්සකමක් ගැවිලාවත් නැති කෙනෙක් එන්න

MONSTER KINGWhere stories live. Discover now