CHAPTER 3

541 139 16
                                    


" හායි කොහොමද ? මම ටේහ්‍යොන් "

  ටේහ්‍යොන් ජංකුක් ඉන්න තැනින් ටිකක් එහාට වෙලා ඇහුවේ හැම සී එෆ් ලෙඩෙක්ම අඩි පහක් දුරින් ඉන්න ඕනේ නිසා .

" හෙලෝව් ඔයාගේ නම මොකක්ද "

ටේහ්‍යොන් ජංකුක් ගෙන් ඇහුවත් ජංකුක් නම් හිටියේ ඇහෙන්නේ නැති ගානට

" ඔයා බීරි කෙනෙක්ද "

" ඔයා ඇයි මගේ පස්සෙන් එන්නේ කියලා මට දැන ගන්න පුලුවන් ද "

ජංකුක් තමන්ගේ අත් දෙකත් බැද ගන්න ගමන් ඇහුවේ තමන්ගේ ඇස් එක එල්ලේ ටේහ්‍යොන් ට යොමු කරලා

" මට ඕනේ ඔයාව අදුර ගන්න "

" ඇයි මාවම "

" මොකද මගේ කාමරේ ඉදන් බැලුවම මට ලගින්ම ඉන්නේ ඔයා ඒකයි "

" සී එෆ් කෙනෙක් තවත් සී එෆ් කෙනෙක්ට හිතවත් වෙන එක එච්චර හොද දෙයක් නෙමේ කියලා ඔයා දන්නේ නැද්ද "

" එතකොට මේ පත්තරෙන් ඔලුව වහන් ඉන්න ඔයාගේ යාලුවත් සී එෆ් කෙනෙක් නේද එතකොට එයා ගැන මොනවද කියන්න පුලුවන් "

ටේහ්‍යොන් පත්තරෙන් ඔලුව වහන් ඉන්න ජිමින් ගැන කියද්දි ජිමින් තමන්ගේ ඔලුවෙන් පත්තරේ අයින් කරලා ටේහ්‍යොන් එක්ක හිනා උනා . ඒත් ඒකට නම් ජංකුක් ගේ වැඩි කැමැත්තක් තිබුනේ නෑ

" එයා මගේ යාලුවා "

" ඉතිම් අපිත් යාලුවෝ වෙමු "

" අවශ්‍යතාවයක් නෑ "

" ඒ ඇයි "

" මොකද මං ඔයාව හරියට දන්නේ නෑ "

" එහෙනම් අපි අදුර ගමු "

ටේහ්‍යොන් එයා ඉන්න තැන ඉදලම අත දික් කරලා කියද්දි ජංකුක් ටේහ්‍යොන්  දික් කරපු අත රැව්වා

" මං විහිලුවක් කලේ ඔච්චර රවන්න ඕනේ නෑනේ "

" ඒකෙන් වැඩක් නෑ දැන් ඔයා මෙතනින් යන්න"

" ඊට කලින් මට ඔයාගේ නම කියලා ඉන්න "

" ජස්ටින් සීගල් ඒක තමා මගේ නම "

" එතකොට ජෝන් ජංකුක් කියන්නේ ඔයාගේ හරබොජීද "

  ටේහ්‍යොන් කට කොනේ හිනාවක් තියා ගෙන ජංකුක් ගෙන් අහද්දි ජංකුක් ට ඇත්තටම ගොඩක් තරහ ගියා

𝐃𝐄𝐄𝐏 𝐁𝐑𝐄𝐀𝐓𝐇 || 𝐓𝐊 ✔✔Where stories live. Discover now