"ම්ම්.. ඔයා මට ආදරෙයිද?" ජන්ග්කුක් ඇස් බෝල කරන් ඇහුවම ටේහ්‍යොන්ග් සුසුමක් හෙලුවා. මේ වගේ පුංචි, බොළඳ දේවල් වලට ජන්ග්කුක් මෙච්චර excite වෙන්නෙ ඇයි කියලා ඇත්තටම ටේහ්‍යොන්ග්ට තේරුම් ගන්න බැරිවුණා.

"ඔව්.."

"ආව්.. ඔයාගෙ කන් වෙනස් උනේ නෑ. ඒ කියන්නෙ ටේහ්‍යොන්ගි මට ඇත්තටම ආදරෙයි." ටේහ්‍යොන්ග්ගේ කන් පොඩ්ඩක්වත් හෙල උනේ නැති නිසා ජන්ග්කුක්ගෙ මූණ ලොකු බනී හිනාවකින් සැරසුණා.

"ම්ම්.. ඔයාගෙ boyfriendsලගෙන් හොඳම කෙනා කවුද?"

"ඔයා.."

"එතකොට.. ටැනීටද ආදරේ වැඩියෙන්ම? නැත්නම් මටද?"

"දෙන්නටම.."

"ඔයාගේ හිතේ මං ඇරෙන්න වෙන කවුරුහරි ඉන්නවද?"

"නෑ"

ජන්ග්කුක් අහන්න පුළුවන් විකාර ප්‍රශ්න ඔක්කොම ඇහුවත් ටේහ්‍යොන්ග්ගේ කන් පොඩ්ඩක්වත් වෙනස් උනේ නම් නෑ.

"ඇයි ඒවා ටිකක්වත් හෙල්ලෙන්නෙ නැත්තෙ? මේක කැඩිලද?" ඔන්න ඒ පාර නම් ජන්ග්කුක්ට ඇත්තටම තරහ ගියා. ඇයි ඉතින් පැය බාගයක් විතර එක එක ප්‍රශ්න අහලත් ටේහ්‍යොන්ග්ගේ කන් නිකමට එක පාරක්වත් හෙල්ලුනේ නෑනෙ. ජන්ග්කුක්ගෙ මූණ දැක්කම ටේහ්‍යොන්ග්ට හිනා ගියා.

"ඕවා මට හරියන්නෙ නෑ බේබි.. අමතක උනාද.. මම ඒජන්ට් කෙනෙක්. මම හැඟීම් පාලනය කරගන්න පුරුදු වෙලා තියෙන්නෙ." ටේහ්‍යොන්ග් ඇහැක් ගහලා කිව්වම මල පැනලා හිටපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග් දිහා විනාඩියක් විතර රවාගෙන බලාගෙන ඉඳලා ටේහ්‍යොන්ග්ගේ නිරුවත් බාහුවක් තදකරලා හැපුවා.

"ආයි ආයි.. අතෑරපිය.. අම්මෝ හා දත් වල සැර.."

"තමුසෙගෙ ඒජන්ට් වැඩ එහෙට තියාගන්නවා.. මං ඉස්සරහ එන්නෙපා හැඟීම් දැනීම් නැති මනුස්සයෙක් වෙන්න."

"කවුද දැන් කිව්වෙ මම හැඟීම් දැනීම් නැති මනුස්සයෙක් කියලා.. ආ?" ඇහිබැමක් උස්සලා ජන්ග්කුක් දිහා බලන ගමන් එහෙම අහපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව එහෙම්ම ඇඳේ පෙරලගත්තා.

"දැනුත් පුළුවන් නම් කියන්නකෝ මම හැඟීම් නැති මනුස්සයෙක් කියලා.." එයාගෙ ඔලුවෙ තිබුණු cat ears ගලවලා ජන්ග්කුක්ගෙ ඔලුවට දාන ගමන් එහෙම කියපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ තොල් වලට බරවුණා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now