Chapter 15

2.2K 433 378
                                    


"ආආආආආආආආ!!!"

"යාහ්.. මගෙ කන." ටේහ්‍යොන්ග් ඇඟිලි දෙකකින් කන හොලවන ගමන් ගිහින් ඇඳ උඩ තිබුණු ටවල් එක අරගෙන ඇඟ පිහදාන්න ගත්තා.

ටේහ්‍යොන්ග්ගේ කටහඬ ඇහුනම මෙච්චර වෙලා අත් දෙකෙන් ඇස් දෙක වහගෙන හිටපු ජන්ග්කුක් හිමීට අත් පාත් කරා. ඒත් ආයෙමත් හයියෙන් කෑගහපු ජන්ග්කුක් එයාගෙ මූණ වහගත්තා.

"පිස්සුද බං.. හ්‍යුන්ග්ලා ආවොත් මං තමුසෙව රේප් කරනවා කියලා හිතයි. බලන් ඉන්න බැරි නම් කටවහගෙන එළියට යනවා.. මං ඇඳුමක් මාරු කරගෙන එන්නම්." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් මූණ වහගෙනම කාමරෙන් එළියට දිව්වා.

"මේ කොල්ලා මෙච්චර කියුට් කියලා හිතුවෙ කවුද?" ජන්ග්කුක්ගෙ වැඩ වලට හිනාවෙවී ටේහ්‍යොන්ග් closet එකෙන් ඇඳුමක් තේරුවා.

ඇඳුමකුත් දාගෙන ටේහ්‍යොන්ග් එළියට එද්දි ජන්ග්කුක් මූණත් රතුකරන් සෝෆා එකේ එයාගෙ කකුල් දෙක නමලා ඒ උඩ ඉඳගෙන හිටියා. ජන්ග්කුක්ගෙ විකාර විදිහෙ වාඩිවෙන ඉරියව් දැක්කත් ඇති ටේහ්‍යොන්ග්ගේ කොන්ද දිගේ රිදිල්ලක් ගලාගෙන යන්න.

"මොකද ඉස්සෙල්ලා බලියෑවෙ?"

"කවුද දන්නෙ තමුසෙ උපන් ඇඳුම පිටින් ඔක්කොම හොල්ල හොල්ලා එයි කියලා." තත්පරයක් යන්නත් කලින් ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇඟට කඩාගෙන පැන්නා.

"මොකෝ.. මගෙ රන්දිකව දැක්කම ප්‍රින්සස්ට බය හිතුනද?"

"අ.. ම්..මං මොකටද බයවෙන්නෙ.. මාත් කොල්ලක්නෙ. අනික මං ප්‍රින්සස් කෙනෙක් නෙවෙයි ප්‍රින්ස් කෙනෙක්. මං කෑගැහුවෙ තමුසෙ කිසි ලැජ්ජාවක් නෑ වගේ ටවල් එකක්වත් ඇඳගන්නෙ නැතුව එකපාරටම කාමරේට ආපු නිසා."

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now