Chapter 7

1.9K 413 153
                                    

ඉන් පසුව ගතවුණු සතිය ඇතුලත පොලිස්පති අල්ලස් හා දූෂණ චෝදනා යටතේ සේවයෙන් පහ කෙරුණා. ඒ වගේම ජිමින් වැඩ කරපු රූපවාහිනි නාලිකාව භාර ප්‍රධානියා උනු මින්ජුන් ලිංගික අල්ලස් සම්බන්ධයෙන් අත්තඩංගුවට ගැනුනා.

ඒ වෙද්දිත් අතුරුදහන් වෙලා හිටපු කන්ග් ඇමතිගේ පුතා ඩැනියෙල් ගැන පොලිසියෙන් හොයද්දි G-dragon සහ ඔහුගේ ගෝලයන් අතින් බරපතල ලෙස දූෂණය උනු ඩැනියෙල්ගෙ මෘතදේහය දැනටමත් අඩි හයක් පොලොව ගැඹුරේ සැඟවිලා ගිහින් තිබුණා.

"බොස්, RM අපිව හිතලම මේකට පැටලෙව්වා කියල හිතෙන්නෙ නැද්ද?" කායි අහද්දි G-dragon ඒ ගැන හිතන්න ගත්තා.

"අපිට හරියටම එහෙම කියන්නත් බෑ. ඒත් මෙතන මොකක්මහරි අවුලක් නම් වෙලා තියෙයි. RM ඇමති කෙනෙක්ගෙ පුතෙක්ව අපිට දෙයි කියලා හිතන්නත් අමාරුයි. කෝකටත් මේකෙන් පස්සෙ අපි උන් ගැන ටිකක් සර්ච් එකේ ඉමු."

"ඕකෙ බොස්.." කායි G-dragonට සමුදීලා යන්න ගියත් එක්වරම කඩාගෙන බිඳගෙන දුවගෙන ආපු එයාලගෙ ටීම් එකේ ගෝලයෙක් නිසා කායි නැවතුණා.

"මොකද්ද ප්‍රශ්නෙ සෝහා?"

"බොස්.. අර ඉටලි ඩීලර්ව පොලිසියට කොටුවෙලා. NIS එකේ කට්ටිය සම්බන්ධ නිසා සෝල් පොලිසියේ inspectorටවත් මුකුත් කරගන්න බැරිවෙලා.." සෝහා හති දානගමන් අමාරුවෙන් කියලා කට ගන්නත් කලින් G-dragon මේසෙට තදින් ගහලා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටෙ කෝපයෙන් ගොරවමින්.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now