Chapter 32

1.8K 383 390
                                    

"ඔහ්!" කාමරේට ඇතුල් උනු ජන්ග්කුක් ඒ ක්ෂණයකින් ආපහු හැරිලා කාමරෙන් එළියට දිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔහ්!" කාමරේට ඇතුල් උනු ජන්ග්කුක් ඒ ක්ෂණයකින් ආපහු හැරිලා කාමරෙන් එළියට දිව්වා.

"එයාට මොකද්ද ඒ උනේ?" ටේහ්‍යොන්ග් නළලත් රැලි කරගෙන දේහ්‍යුන් දිහා බැලුවම දේහ්‍යුන්ගෙ මූණට හිනාවක් ආවා.

"ජන්ග්කුකීගෙ හැටි ඔයත් දන්නවනේ.. කොල්ලා මේ දවස් දෙකේම ඔයාව බලන්න ආවා. දැන් ඔය හැංගිලා ඉන්නෙ ඔයාට මූණ දෙන්න බැරුව මං හිතන්නෙ?"

"ඒ ඇයි.. එයා වැරැද්දක් කරේ නෑනෙ.."

"ඒ උනාට එයා හිතන්නෙ එයා නිසයි මේ හැමදෙයක්ම උනේ කියලා."

"මං දන්නවා මගෙ කොල්ලට කවදාවත් මට විරුද්ධ වෙන්න බෑ කියලා. ඒත් ඇත්තටම මොකද්ද එතන උනේ කියන එක මටත් ප්‍රශ්නයක් අප්පා.. ඇයි කුකී අර මින්ජුන් කාරයට බය උනේ? මම දන්න ජන්ග්කුක් කාටවත් බය කෙනෙක් නෙවෙයි." ටේහ්‍යොන්ග් ඇහුවෙ ඇත්තටම එයාට ඒක ප්‍රශ්නයක් උනු නිසා.

"මින්ජුන් කුකීව බයකරලා ඔයා ගැනයි මීරා ගැනයි කියලා. මින්ජුන් ඒ කොල්ලවත් ගෙදර හිරකරගෙන ඉඳලා තියෙන්නෙ.. මීරාවත් හිරකරගෙන ඉඳලා වෙනම තැනක. ඔය දෙන්නට කරදරයක් වෙයි කියලා බයට තමයි කොල්ලා මින්ජුන්ට ඕනෙ විදිහට වැඩ කරලා තියෙන්නෙ." දේහ්‍යුන් පැහැදිලි කරා.

"ඔහ්.. එතකොට මින්ජුන්ට මොකද උනේ?"

"මින්ජුන්ව අත්තඩංගුවට ගත්තා.. මිනිහා හැදුවෙ ඔයාලා මාෆියා එකට සම්බන්ධයි කියලා ඔප්පු කරලා බේරෙන්න. ඒත් නම්ජුන්ගෙ කට උත්තරේ නිසා මින්ජුන්ට බේරුමක් නෑ. ඊයේ නම්ජුන්ට සිහිය ආවම පොලිසිය නම්ජුන්ගෙන් කට උත්තරයක් ගත්තා. මම කලින්ම නම්ජුන් එක්ක ඒ ගැන කතා කරලා තිබුණු නිසා අවුලක් උනේ නෑ. නම්ජුන් කිව්වෙ ඔයාලා කට්ටියම ගියේ ලැබුණු පැමිණිලි වගයකට අදාලව මින්ජුන්ගෙන් ප්‍රකාශයක් ලබාගන්න කියලා. එතනදි මින්ජුන් ඔයාලව කිඩ්නැප් කරපු විදිහට තමයි නම්ජුන් කට උත්තරේ දුන්නෙ.. ඔයාලා කට්ටිම නීතිය සම්බන්ධ ෆීල්ඩ් වල අය නිසා එතන සැක හිතන්න කාරණාවක් නෑනෙ.. ඉතින් මින්ජුන්ට ඇප ගන්න බැරිවුණා."

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now