"පුතා.. මට පොඩි වැඩ වගයක් කරන්න තියෙනවා. ඔයාට පුළුවන් නේද මම එනකම් ගෙදරට වෙලා ඉන්න." හ්‍යුන්සුක් ගෙදරට ආවට පස්සෙ ජන්ග්කුක්ගෙ අත් දෙකෙන් අල්ලගෙන ඇහුවම ජන්ග්කුක් ඔලුව වැනුවා.
"මං අප්පා එනකම් ඉන්නම්." ජන්ග්කුක් එයාගෙ හුරතල් බනී හිනාවෙන් කිව්වම හ්‍යුන්සුක් ටිකවෙලාවක් ජන්ග්කුක් දිහා බලාගෙන ඉඳලා ජන්ග්කුක්ව පරිස්සමට වැළඳ ගත්තා. සෑහෙන කාලෙකට පස්සෙ ලැබෙන ඒ උණුහුමට ගුලිවෙලා ජන්ග්කුක් ඇස් පියාගනිද්දි හ්‍යුන්සුක් ජන්ග්කුක්ගෙ හිස් මුදුන සිපගත්තා.
"මං එනකම් ඔයා බලන් ඉඳියි කියලා මං බලාපොරොත්තු වෙනවා." හ්‍යුන්සුක් කිව්වම වැඩිය ඒ ගැන නොහිතපු ජන්ග්කුක් හිනාවෙලා ඔලුව වැනුවා. ඒ හුරතල් හිනාව දිහා ලෝභකමින් ටිකවෙලාවක් බලාගෙන හිටපු හ්‍යුන්සුක් ආපහු හැරුණෙ ඒ පිරිමි ඇස් වේදනාවෙන් ඇදුම් කනවා දැනෙද්දි.
හ්‍යුන්සුක්ගේ කාර් එක ගේට් එකෙන් පිටවෙන දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් එයාගෙ ෆෝන් එක හ්‍යුන්සුක්ගේ කාමරේ තිබුණු ලාච්චුවකට දාලා ලොක් කරලා ආයෙමත් එළියට ඇවිත් කාටවත් පේන්නෙ නැති විදිහට හ්‍යුන්සුක්ගේ mansion එකෙන් එළියට පැනගත්තා. පාරෙ තිබුණු පොදු දුරකථන කුටියකින් කෙනෙක්ට කෝල් කරපු ජන්ග්කුක් එළියට ඇවිත් නොඉවසිල්ලෙන් පාරදිහා බලාගෙන හිටියා. එයාගෙ ෆෝන් එක පාවිච්චි කරලා මින්ජුන් එයා කරන දේවල් හොයාගනියි කියන බය නිසයි ජන්ග්කුක් එයාගෙ ෆෝන් එක පාවිච්චි නොකරන්න තීරණය කලේ.
පැය බාගෙකට විතර පස්සෙ වේගයෙන් ආපු වාහනයක් ජන්ග්කුක් ළඟ නතරවෙද්දි ජන්ග්කුක් ඉක්මනට ඒ වාහනේට නැග්ගා. ජන්ග්කුක් ගොඩ උනාට පස්සෙ ආයෙමත් ඒ වාහනේ අධික වේගයෙන් ඉදිරියට ඇදෙන්න පටන් ගත්තා.
"මට සමාවෙන්න දේහ්‍යුන් අප්පා.." වාහනේට නැගපු ගමන් ජන්ග්කුක් දේහ්‍යුන් දිහා බලලා කිව්වම දේහ්‍යුන් ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගත්තා.
"මොකද්ද උනේ දරුවො?" දේහ්‍යුන් අහද්දි ජන්ග්කුක් වාහනේ හිටපු යොන්ජන්, ජිමින්, ජින් දිහා වගේම වාහනේ එළවන පොලිස් නිලධාරියා දිහත් බලලා ලොකු හුස්මක් උඩට ගත්තා.
YOU ARE READING
฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Taekook||
Fanfictionකළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි.. ඒත් රතු හෝ රෝස පැහැය තමයි රෝස මලකට ආවේණික පාට. ඒකයි රෝස කියපු සැනින් අපි හැමෝගෙම හිතේ රතු හෝ රෝස පාට මලක් මැවෙන්නෙ. කොච්චර වෙනස් කරන්න හැදුව...
Chapter 31
Start from the beginning