හත්වන පරිච්ඡේදය

86 27 11
                                    


මසකට පසු

"මෙ ටේ අයියාහ් ඔක මෙතනින් තියමූ අනෙහ්"

"ඔයාට හොදටම විශ්වාසද ජන්කුක් මලයා"

"ඔව් අනෙ, පරිස්සමින් හොදෙ,"

අද ඉතින් යුන්ගිගෙ ගෙදර පොඩි පාටියක් පොඩි කිව්වට ඉතින් ජන්කුක් දාන පාටියක්, එදා හොසොක් එක්ක පිස්සු නටපු දවසෙ ඉදන් ජන්කුක් හැමදාම ඔෆිස් එකට ඇවිත් සෙට් එක එක්ක පිස්සු නටන්න පටන් ගත්තා, සෙට් එකට ගැලපෙන විදිහටම ජන්කුක් කියන්නෙ දැන් හොසොක්ගෙ සෙට් එකෙ එක්කෙනෙක් වගෙ තමයි, අද සෙට් එකම යුන්ගිගෙ ගෙදර ආවෙ ජන්කුක් පාටියක් දාමු කිව්ව නිසා, ජන්කුක් දැන් කන එකෙ ඉදන් සූ දාන්න යන්නෙත් හොසොක්ගෙ ටීම් එකෙ අය එක්ක, එතරම සෙට් එක එක්ක එකතු වෙලා ඉතින්,හැබැයි ඉතින් මෙකෙ කරදරය යුන්ගිට තමයි,

"මෙහ් ජින් අයියාහ්,"

"ඔහ් ජන්කුක් කියන්න,"

"මෙ කෑම ඇති වෙයි නෙද,"

"ඔව් ඔව් ඇති,"

"මදි නම් කියන්න හොදෙ යුන්ගි හයුන්ව කඩෙ යවන්න පුලුවන්,"

ජන්කුක් එක කිව්ව විදිහටනම් ජින්ටයි අනිත් අයටයි හිනා යන්න ආවෙ යුන්ගිගෙ මූන දිහා බැලුවම, හැමොම පටියට ලෑස්ති වෙද්දි යුන්ගි විතරක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා,

"කො අනෙ මෙ හොසොක් හයුන් තාම නෑනෙ," ජන්කුක් දොර දිහා බලන් කිව්වා

"ඇයි හොසොක් කො,"

"හොසොක් හයුන් එන්නම් කියල ගියා තාම ආවෙ නැහැ,"

යුන්ගි එතකොට වෙලාව බැලුවා, රෑ නවයත් පහු එත් හොසොක් තවම නැහැ යුන්ගි එයාගෙ කාම්බරයට යන්න හැදුවෙ කාර් එකෙ යතුර අරන් ඇවිත් හොසොක්ව හොයන්න යන්න එත්,

"ආවා ආවා ආවා ආවා..."

ජන්කුක් කෑ ගහන්න පටන් ගත්තා,

"හොසොක් ආවද,"

"නෑ අනි, මට මෙ උදෙ ඉදන් වොශ්රූම් යන්නෙ නෑහැ, දැන් යන්න ඕනි වගෙ එකයි ආවා කිව්වෙ, මෙ මම පටස් ගාලා එන්නම් ඔයා ඉන්න හොදෙ,"

ජන්කුක් එහෙම කියල අමුතු ස්ටයිල් එකකට උඩට දිව්වා,

යුන්ගි එයාගෙ ඔලුවට අත ගහ ගත්තෙ ජන්කුක්ගෙ මෙ ගොන් වැඩ වළට, යුන්ගි ආපහු හැරිලා කාම්බරෙට යන්න ගියා,

BOSSTahanan ng mga kuwento. Tumuklas ngayon