18 කොටස

369 44 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🌿 රූ... 🌿

18 කොටස

©️Rithu_Sakura

මගෙ දිහාට ඒ මිනිහා නැමෙද්දී මට දැනුනේ මහම මහ ජරා සිගරට් ගඳක්.රතු වෙච්ච ඇස් දෙක දකිද්දි තේරෙන්නේ කුඩු ගහලා කියලා.ඒ තරම් අප්පිරියා සහගත බැල්මක් තියෙන්නේ.

"අනේ රුශාල්...."

දැනුනු අසරණකමටම මට කියවුනා.රුශාල් කොහෙට ගියාද දෙයියනේ?ඇයි මේ කිසිම මිනිහෙක් උදව්වටවත් එන්නෙ නැත්තේ?ආත්ම ගරුත්වය ගැන විතරක් නෙමේ ජීවිතේ ගැනත් බයක් එද්දි මං පුලුවන් තරම් වෙර දාලා ඒ මිනිහාව තල්ලු කලා.ඒත් ඒ එක්කම ඒ මිනිහා මාව ඇදලා ගද්දි හිතන්නවත් කාලයක් නොදී මාව පැත්තකට විසික් උනෙත් ඒ මිනිහා බිම වැටුනෙත් එකපාරටමයි.

"උඹට කොහෙන්ද මිනිහෝ මගෙ ගෑනිට අත තියන්න හයියක් ආවේ?"

හැරිලා බලද්දි රුශාල් වියරු වැටිලා වගේ ඒ මිනිහාට ගැහුවේ.ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගෙන රුශාල් ඒ මිනිහව නැගිට්ටව ගත්තේ ඒ කෙනත් රුශාල්ගෙ පාරවල් වලට හෙම්බත් වෙලා ඉද්දී.

"පර බ%#*ලා..."

රුශාල් අත මිට මොලවලා ඒ මිනිහගෙ මූණට ගහද්දි බයටම මට කෑ ගැහුනා.

"අනේ රුශාල්...එපා..."

මං බයටම රුශාල්ගෙ අතින් ඇද්දේ ඒ මිනිහා මැරෙයි කියලා හිතලා.ඒ මිනිහගෙ නහයෙනුත් ලේ එනවා.ඒත් කේන්තියේ උපරිමේටම උන්නු රුශාල් මාව පැත්තකට තල්ලු කලා.

"මහත්‍තයා මේ...හොඳ හිතින් මගෙ ශර්ට් එකෙන් අත ගනින්...."

ඒ මනුස්සයට එකපාරටම පණ ඇවිත් වගේ කතා කරද්දි රුශාල්ගෙ මූණ තවත් කේන්තියෙන් වෙව්ලුවා.ඒ බෙල්ලේ නහරත් ඉලිප්පිලා කේන්තියටම.

"ඇයි?ගත්තේ නැත්තම් උඹ මට මොනවා කරන්නද ආ???"

ගිනියම් වෙච්ච ඇස් දෙකෙන් ඒ මිනිහා දිහා බලන් උන්නු රුශාල්ව දැකලා මටත් බය හිතුනා.

"මේ ඒරියා එකේ උන්ට කියලා මහත්තයාව දෙකට තුනට කඩන එක මහ ලොකු දෙයක් නෙමේ මට...කිව්වම අහලා අත ගනින්..."

රූWhere stories live. Discover now