15 කොටස

383 44 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌿රූ🌿

15 කොටස

©️Rithu_Sakura

ඈතින් දුවගෙන වගේ එන නිකිණිව දැකලා මට අහේතුක බියක් දැනුනා.ලං වෙන්න වෙන්න ඒ මූණේ තියෙන කේන්තිය දැක්කම මට හිතුනෙම වෙන්න යන්නේ ඉස්සරම දවසක සිද්ධ වෙච්ච දෙයක්මයි කියලා.බාගෙට හැරිලා උන්නු රුශාල්ගෙ මූණ දකිද්දිත් මට තේරුනා ඒ මූණත් නොරිස්සුමෙන් කේන්තියෙන් පිරිලා කියලා.

"රුශාල්...තමුසෙට මං කෝල් කීයක් නම් ගත්තද ආ???එහෙම ගනිද්දි ආයේ මේකි එක්ක මඟුල් නටන්න තියාගත්තද?"

මහ පාරෙම රුශාල්ගෙ කොලර් එකෙන් අල්ල ගත්ත නිකිණි කෑ ගැහුවේ ඉස්සරටත් වඩා වියරුවකින්.මං බය වෙච්ච පාර පුතාව වඩා ගත්තේ නිකිණිගෙ හැසිරීමට පුතා කලබල වෙයි කියලා හිතලා.පුතාව බලෙන්ම මගෙ උරපත්තට තද කරගෙන මං එතනින් යන්න හැදුවත් නිකිණි ඒ දේ කරන්න දුන්නෙ නෑ.

"මේකි...මේකිට එක මිනිහෙක් මදි වෙලා...මං සැරයකුත් කිව්වනේ උඹට.රුශාල් මගේ...තමුසෙ මගෙ නේද ආ?තමුසෙට ඕනේ ආයේ..ආයේ...මං අත කපාගන්නවා බලන්නද?මං මැරෙනවා දකින්නද???"

නිකිණි කියන දේවල් වලට මට පුදුමත් හිතුනා.නිකිණි ඒ වගේ අත කපන් තියෙනවද රුශාල් නැතිව?ඒ වගේ පිස්සු වැඩක් කරන්න තරම් නිකිණිට තියෙන උවමනාව මොකක්ද?ඒත් නිකිණිගෙ හැසිරීම ඉස්සරහා රුශාල් මුකුත් කිව්වෙ නෑ.නිකිණිව දවලා අළු කරලා දාන්න තරම් බැල්මකින් බලන් උන්නු රුශාල් ඊළඟට කිව්ව දේට නිකිණි සන්සුන් උනා.

"හොඳ හිතින් මගෙ කොලර් එකෙන් අත ගනින්.උඹ මෙහෙම පිස්සු නැටුවොත් මං ඊළඟට කරන දේ උඹ හොඳටම දන්නවා"

දත් මිටි කාගෙන වගේ රුශාල් එහෙම කියද්දි බලන් ඉද්දිම ඒ මූණ වෙනස් උනා.මට හිතුනෙම නිකිණි බය උනා කියලා.මේ අපඃබ්‍රංසේ දිහා බලන් ඉඳලම දැන් මාව නූල් බෝලයක් වගේ පැටලිලා.හීලෑ වෙලා වගේ රුශාල්ගෙ කොලර් එකෙන් අත ගත්ත නිකිණි ඒ පාර හෙලුවේ හරි බයාදු බැල්මක්.

"සොරි...අනේ..මං ආයේ බනින්නෙ නෑ ඔයාට..මං යාලුවෙක්ගෙ දිහා යන ගමන් ඔයාව දැක්කේ.බස් එකෙන් බැහැලා දුවන් ආවේ.අනේ...මං ආයේ එහෙම කෑ ගහන්නේ නෑ.සොරි...සොරි.."

රූWhere stories live. Discover now