17 කොටස

480 53 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌿රූ🌿

17 කොටස

©️Rithu_Sakura

මං කෑම අස් කර කර උන්නේ ටිකක් කලබලෙන්.යස්මිත් මලිත් අයියා එක්ක ඇවිත්.දුලාරි අක්කගෙ ගෙදරින් පොඩ්ඩක් බර බරේ දාන නිසාම අන්කල් එයාලට ලන්ච් එකකට එන්න කිව්වා.හැමදාම පස්ස ගගහ ඉඳලා හරි යන්නෙත් නෑනේ.

"රුවී...පුතේ අර ලොකු පලගාන ගන්න"

ආන්ටි කිව්වේ කුස්සියේ ඉඳන්මයි.කවුරුහරි කෑමට එනවා කිව්වොත් මහන්සි වෙලා පේ වෙලා උයන එක ආන්ටිගෙ පුරුද්දක්.කොච්චර වැඩ වලට උදව් කලත් මගෙ හිත ටිකක් නොසන්සුන්.මොකද එදා දුලාරි අක්කගෙ තාත්තා දෙන්නගෙ කසාදෙ ගැන කතා වෙනවා ඇහුනනේ.ඒ නිසා වෙන්න ඇති හිතට පොඩ්ඩක් බය.

"ඔච්චර දේවල් ඕනෙ නෑ අම්මේ..නිකන් පොඩ්ඩක් කතා කරලා යන්න එනවා කිව්වේ...මඟුල් ගැන කතා කරන්නෙ නෑ දැන්ම"

හංස අයියා කිව්වේ ආන්ටි මහන්සි වෙන විදිය දැකලා.

"අනේ මේ ඉන්න ලොකු ළමයා...ටිකක් ඉඳලා යන්න ආවත් නවතින්න ආවත් පිට මිනිහෙක් ආවම හොඳට කන්න දෙන්න ඕනේ...."

ආන්ටි උපදෙසක් දෙන ස්වරෙකින් කියද්දි යස්මිත් හංස අයියට ඇද කලා.

"ඕවා අහලා හොඳට ඔලුවෙ තියාගන්න ලොකු ළමයා...පිටින් එන අයට හොඳට කන්න දෙන්න ඕනේ"

යස්මි හඬ ගැඹුරු කරලා මහදැනමුත්තා වගේ කියද්දි මටත් හිනා ගියා.

"අනේ උඹ පලයන්..මේකිගෙ කට පොඩ්ඩක් හදලා ගනින්..මට ඒක කරගන්න බැරි උනානේ"

හංස අයියා ඇද කරගෙන ගියේ මලිත් අයියාත් එක්ක කියව කියව.ඒ දේවල් නිසාම මට විනාඩියකට හිතට දැනුනු අපහසුව අමතක උනා.

"අම්මියෝ..කෝල්..."

පුතු ෆෝන් එකත් අරන් දුවන් එද්දි හංස අයියා පැනලා වගේ පුතාව වඩාගත්‍තා.මොකද ඒ වෙද්දිත් මගෙ අතේ පිඟන් බඩු.

"මෙන්න මෙහෙ දෙනවා පණ්ඩිත රත්න...අම්මා වැඩකනේ"

පුතාගෙන් ෆෝන් එක ගත්ත හංස අයියා ඒක ආන්සර් කරනවත් මං බලාගෙන.ඒත් හංස අයියා ඊළඟ තප්පරේ කෝල් එක කට් කලේ රෝන් නම්බර් කියාගෙන.

රූحيث تعيش القصص. اكتشف الآن