8 කොටස

393 48 3
                                    

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

🌿රූ🌿

8 කොටස

මං හිතට ආව සිතිවිලි ගොන්න හිතේම හිර කරගෙන ෆෝන් එක තව තදින් අල්ල ගත්තා.

"හෙලෝ...රුශාල් කෝ?"

"ආ...නංගි..රුශාල් නිදි..මං මේ දෙනුවන් කතා කරන්නේ.අර එදා ඔයාලගෙ බෝඩිමෙ ඉඳන් රුශාල්ව එක්කන් යන්න ආවේ..ආන් එයා"

ඒ වචන ටික ඇහෙද්දි මට යන්තම් සැනසුම් සුසුමක් හෙලුනා.මට හිතුනෙම රුශාල්ට කරදරයක් වෙලා කියලා.

"අයියේ...එයා හොඳින් නේද?"

"ම්ම්ම්ම්...හොඳින්මත් නෙමේ...ඒත් කියන්න අවුලකුත් නෑ...ඌ ඊයේ ඉඳන් මගෙ බෝඩිමේ ඉන්නේ.දන්නෙ නැද්ද ඉතින් රෑ එලි වෙනකන් බීලා ගෙදර යන්නෙ නැතිව මට වද දිදී මෙහෙට වෙලා ඉන්නවා.අද වැඩට යන පාටකුත් නෑ..."

මගෙ හිතේ ඒ පාර තවත් ප්‍රශ්න ගොඩයි.රුශාල් බීලා?ඒ මං නිසාද එයා එහෙම දෙයක් කලේ?එයා හවස යකා වැහිලා ගියේ මේ දේට කියලා මට නිකමටවත් හිතුනෙ නෑ.

"රුශාල් බි..ව්වද?අනේ...අයියේ..එයාට කරදරයක් නෑ නේද?"

මං කතා කලේ ඇත්‍තටම හරි වරදකාරී හැඟීමකින්.

"නෑ...නෑ...කරදරයක් නම් නෑ..පුලුවන් නම් තවත් බොයි.ඒත් හිතේ අවුලක් නම් තියෙනවා...රෑ තිස්සෙම කියෙව්වා මගෙ එකීට මාව විශ්වාස නෑ බං කිය කිය.ඕවා ඉතින් ලව් සික් කියලා මං වැඩිය ගනන් ගත්තේ නෑ...දන්නවනේ???කොල්ලොනේ..."

දෙනුවන් අයියා කිව්වේ හරි සැහැල්ලුවෙන්.ඒත් මගෙ හිත තිබ්බේ ගින්දරෙන්.

"ඌ හැබැයි කවදාවත් ඔහොම ලේසියකට බොන එකෙක් නෙමේ.බිව්වත් ගෙයින් පිට ඉන්නෙත් නෑ...කිව්වට අවුලක් ගන්න එපා.මට හිතෙන්නේ මෙදා පාර මේකාට සෑහෙන්න හිතට වද දෙන එකක් වෙලා තියෙනවා.."

එයා එහෙම කියද්දි මගෙ හිත තවත් බර උනා.මොන ප්‍රශ්නෙ තිබ්බත් මට තවත් අහක බලන් ඉන්න බෑ.තිබ්බ ලොකුකම් ඔක්කොම පැත්තකට දාලා එයාව බලන්නම ඕන කියලා හිතුනා මට.

"අයියේ...මං ආවට කමක් නැද්ද ඔයාගෙ බෝඩිමට?"

මං ඇහුවේ හිතේ චකිතෙන්.එයා මොනා හරි හිතුවද දන්නෙ නෑ.

රූWhere stories live. Discover now