2 කොටස

560 54 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🌿 රූ... 🌿

2 කොටස

හංස අයියා උන්නේ දණිස් දෙකට වැලමිට තියාගෙන සෙටියේ ඉඳගෙන.එයාගෙ රකුසු පාට වෙච්ච මූණ දිහා මට බලන්නත් බයයි.යස්මි උන්නේ නැන්දා එක්ක එක පැත්තක.මං තවත් පැත්තක.ගමනක් ගිහින් ආව මාමාත් රැවුල කස කස කල්පනාවක.මං කෙළ පිඬක් ගිල්ලා.මේ නිහඬතාවය නම් දරාගන්න පුදුම අමාරුයි.

රුශාල් දහම් අයියා එක්ක යනකනුත් ඉඳලා රිතිරව නිදිත් කරවලා ඉවර වෙනකන් මායි යස්මියි රුශාල් ගැන කියන්න බලන් උන්නේ පුදුම අමාරුවකින්.මට ඒ ඉන්නේ රුශාල් කියලා තව කා එක්කවත් කියන්න ලොකු උවමනාවක් තිබ්බෙ නෑ.ඒත් ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි කියලා ඇත්ත කියමු කියලා තීරණේ කලේ යස්මි.ගෙදර කට්ටිය මේ ඉන්නේ ඒ ඇත්ත අහලා ශොක් වෙලා වගේ.

"තමුසෙලා මට ඌ ගැන කියන්න ඌ යනකන් උන්නු එක හොඳයි.නැත්තම් මගෙ අතින් ඌ මෙලහකට මැරුම් කාලා"

හංස අයියා කිව්වේ දත් මිටි කකා.එයාට තරහා යන එක සාධාරණයි.යස්මිට තරම්ම හංස අයියා මටත් ආදරෙයි.මාව එයාට එයාගෙ දෙවෙනි නංගි.රුශාල්ගෙයි මගෙයි ආදර කතාවට එයාලා කවදාවත් අකැමැති උනේ නෑ.ඒත් රුශාල් මාව අත ඇරියට පස්සේ මං දුක් වින්ද හැටි ඇස් දෙකටම දැක්ක එයාලට රුශාල් එක්ක තියෙන තරහව ගැන මට මුකුත් කියන්නත් බෑ.

හංස අයියා කිව්ව කතාවට මට ඒ වෙලාවෙ බය හිතුනා.මොකද දහම් අයියා ගියේ ගේ පේන්ට් කරන්න ආයෙ දවසක රුශාල් එක්ක එන්නම් කියාගෙන.අපේ ප්‍රශ්න ගැන කිසි දෙයක් නොදන්න දහම් අයියලා ඉස්සරහා හංස අයියා රුශාල්ට ගැහුවොත් කියලා මට බයක් ආවා.

"අනේ අයියේ...මං දන්නවා ඔයාලා ඉන්නේ තරහින් කියලා...ඒත්...ඒත්...මේ වෙලාවෙ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා...ප්ලීස්.."

මං කිව්වේ අඬන්න ඔන්න මෙන්න වගේ.මං කිව්ව කතාවට හංස අයියා මං දිහා බැලුවේ මාව මරන බැල්මකින්.

"ඇයි???තමුසෙ බයද මං ඌව මරයි කියලා???මෙච්චර දෙයක් වෙලත් තමුසෙ ඌට ආදරේ කරන එක නතර කලේ නැද්ද?මේ ගෑණු ජාතිය නම්.....ශිට්..."

රූWhere stories live. Discover now