1 කොටස

1.4K 72 5
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🌿 රූ... 🌿

1 කොටස

යස්මිගෙ වෙඩින් එකට තව සති දෙකයි.ඒත් කෙල්ල එහෙ මෙහෙ දුවන්නේ පිස්සු හැදිලා වගේ.යස්මි කියන්නේ මගෙ හොඳම යාලුවා.මගෙ සහෝදරී වගේ තමා.යස්මි ගිය ස්කෝලෙට තමා මං සාමාන්‍ය පෙළ කරන්න ගියේ.එදා ඉඳන් මාව හොඳම යාලුවා කරගත්ත යස්මිට මාව දැන් නැතුවම බෑ.මට උන්නේ ආච්චි විතරයි.මගෙ අම්මයි තාත්තායි යුද්ධෙ කාලෙ නැති වෙලා.මං අසරණයි කියලා දැනගත්ත යස්මියි එයාගෙ ගෙදර අයයි මං ඉගෙන ගන්නකන්ම මං වෙනුවෙන් කැමැත්තෙන්ම වියදම් කලා.මං රස්සාවක් කරනකනුත් මං ගැන හොයලා බලන එක නතර කලේ නෑ.ආච්චි නැති උනාට පස්සේ මට ඉන්න එකම පවුල එයාලා.

"අනේ රුවී...මගෙ ඔලුව නිකන් ගිනි ගන්නවා වගේ ඕයි...මේ බලනවා...මූනේ ලොකූ පිම්පල් දෙකක් ඇවිත්...මේක ආයේ සති දෙකකට මෙහා නම් බහින්නේ නෑ..."

යස්මි කිව්වේ කම්මුලෙයි නලලෙයි ආව ගෙඩි දෙක පෙන්නලා.මට ඉතින් හිනා.

"මෝඩි...ස්ට්‍රෙස් උනාම ඔහොම තමා...ඕක අල්ලන්නෙ නැතිව ඉන්නවකෝ...සැලෝන් එකෙන් ඕකට මොනා හරි කරාවී"

ඒත් නෙමේ යස්මිගෙ මූන වෙනස් උනේ.පව් කෙල්ල.එයා ඉතින් ඒ කාලෙ ඉදන් එහෙමයි.අඩි දෙකක් යන්නත් කුඩේ ඕනෙ.එලියට බහින්න කලින් ක්‍රීම් ඕනෙ.මට නම් ගන්න ක්‍රීම් එකක් ගාන්න මතක උපරිම සතියයි.අපි දෙන්නා කුරුලෑ ගෙඩි ගැන කතා කරනකොට තමා යස්මිගෙ අයියයි අම්මයි කාර් එකෙන් බැස්සේ.එයාලා කාර් එකෙන් බාන බඩු ටික ගන්න මාත් ලගට ගියා.

"ඈ බං රුවී???ඔය කේක් ගෙඩිය හදන්න මෙච්චර මගුල් ඕනද?"

හංස අයියා කිව්වේ බරට බරේ තියෙන මලු ටික බිමට බාන ගමන්.

"ඔව් ඉතින්...සිම්පල් වගේ පෙනුනට ලේසි නෑ..."

"මෙයා ඉතින් කුනු ලෝබයනේ.."

යස්මි ඇද කරලා හංස අයියට කිව්වේ කන්නාඩියෙන් මූන බලන ගමන්මයි.ඇත්තම කිව්වොත් යස්මිගෙ වෙඩින් කේක් එක හදන්නේ මං.රස්සාව හම්බෙන්න කලින් මං පොඩි පොඩි වැඩ කර කර කේක් කෝස් එකක් නම් කලා.යස්මි නම් ඕවට ආසා නෑ.ඒත් දැන් තමා ඒකෙ වටිනාකම තේරෙන්නේ.මං බඩු  ටික අරන් ගේ ඇතුලට ගිහින් පරිස්සමට තිබ්බා.කෑම මේසෙට බර වෙලා මං ආයෙ ෆෝන් එකෙන් බැලුවේ යස්මි කිව්ව කේක් ඩිසයින් එක.හරිම චාම් ඒත් එලිගන්ට් කේක් එකක්.දකින කෙනෙක්ට ලේසියි වගේ පෙනුනට වැඩ කිඩ ගොඩක් තියෙනවා කරන්න.

රූWhere stories live. Discover now