Chapter 03

889 147 4
                                    

ජංකුක් උදෙන්ම අවදි උනේ තරමක් සැහැල්ලුවෙන්.ඔහුට ඊයේ මුණගැහුනු කෙනාව මතක් කරලා සුසුමක් පිට කලා.හදිස්සියේම දොරට තට්ටු කිරීමෙන් ජංකුක් හරි සිහියට ආවා.

"හේයි බේබී ඔයා ඇහැරිලාද?"

ඔහුගේ මව සිහින් හඩින් ඇසුවාය.ජංකුක් මේ වගේ උදයවල් වලට ආදරෙයි.ඔහුගේ මව කාමරය පැමිණ ඔහු සමග කතා කලේය.ඇය ජංකුක් ලගින් වාඩි උනා.

"ඔයා අද හොදින් වගේ මට ඒ ඇයි කියලා අහන්න පුලුවන්ද?"

ඔහුගේ මවට ඔහුව හොදින් කියවන්න පුලුවන්.ජංකුක්ට තවමත් පුදුමයි ඒ කොහොමද කියලා.සාමාන්‍යයෙන් ජංකුක් තම හැගීම් සගවන්න ගොඩක් දක්ෂ කෙනෙක්.එහෙත් ඔහුට මවට බොරු කියන්න කවදත් බැරි උනා.

"මම ඊයේ තාත්තා එක්ක කතා කරේ නරක විදිහට"

ජංකුක් සුසුමක් හෙලා මවගේ උකුලෙන් ඔලුව තියා ගත්තා.

"ඔයා දන්න විදිහට එයයි ඔයයි දෙන්නම සමානයි"

ජංකුක් ඔහුගේ doe eyes වලින් ඇය දෙස බලයි.

"ඔයාලා දෙන්නා රණ්ඩු වෙනවා,කෑ ගහගන්නවා ඒත් ඊලග දවසේ අනිත් කෙනා ගැන care කරනවා.ඒක තමයි මන් ඔය දෙන්නට කැමති."

"පැටියෝ මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියනවා.අපි කිම් සහ එයාලගේ company එක ගැන කතා කලා මතකද?"

ජංකුක් හිස වැනුවේය.

"එයාලත් එක්ක වැඩ කරන එක කොච්චර හොදද කියලා අපි කතා කරා"

ජංකුක් ඇය දෙස බැලුවේ අමුතු ලෙසයි.තම මවගේ වදන් හමුවේ නරක දෙයක් තියනවා කියලා එයා දැනගෙන හිටියා.

"කිම් ඔයාගේ තාත්තා එක්ක වැඩ කරන්න පටන් ගත්තේ එක කොන්දේසියක් මත"

"හරි මොකක්ද? අපි හැම දෙයක්ම කරන්නම්"

ඔහු කලබලෙන් කීවේය.

"හරි ඉතින්...."

"අම්මා ඒ මොකක්ද?"

"එයාට ඕනෙලු ඔයා එයාගේ පුතාව marry කරන්න"

ඇය කෑ ගැසූ අතර ජංකුක් ගල් විය.මොහොතක නිහැඩියාවෙන් පසු...

"ඔයාලට පිස්සුද!!! එයා කොහොමද...."

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now