Chapter 01

1.3K 175 5
                                    

"චිමී ඔයා එයත් එක්ක යාලු වෙලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි.ඒත් තාමත් ඔයා මට එයාව මුණගැස්සුවේ නෑ.මන් ඔයාගේ හොදම යාලුවා."

"ඉතින් ඔයාට පුලුවන් ජංකුක්ව මගෙන් උදුර ගන්න.ඔයා එයාව ගත්තා වගේ" ජිමින් සිතුවත් පසුව හිනාවුනා.

"සිරාවටම මට වෙලාවකට හිතෙනවා ඔයා එයාව මගෙන් හංගනවා කියලා.එයාගේ පෙනුම කොහොමද කියලවත් මන් දන්නේ නෑ.ඔයාට එහෙම කෙනෙක් ඇත්තටම ඉන්නවද චිමී?"

"ඔව් එයා ඇත්ත දැන් ගිහින් ලෑස්ති වෙන්න.ඔයා කොහෙද යන්නේ?"

"පේන විදිහට මගේ අප්පට මාත් එක්ක serious දෙයක් කතා කරන්න තියනවා වගේ ඒකයි මන් යන්නේ."

"come on tae ඔයාට සල්ලි,පෙනුම,හැමදෙයක්ම තියනවා"

ටේහ්‍යුන්ග් ජිමින් දෙස බලා

"දන්නවද ඔයාගෙයි මගෙයි තියන වෙනස මොකක්ද කියලා?"

"මොකක්ද?"

"මම සතුටින් නෙවෙයි ඉන්නේ"

ඔහු හිස් මුහුණින් පවසා bathroom එකට ගියේය.

"ඔයා මගේ සතුට උදුර ගෙන ගොඩක් කල්"

ජිමින් තාමටම මුමුණගෙන එතනින් නැගිට්ටා.



At Jeon's house

"මම අන්තිම පාරට කියන්නේ ජංකුක් ඔයා ඒ ළමයා එක්ක breakup වෙන්න!"

ජංකුක්ගේ අප්පා කෑ ගැසුවේය.

"මම එහෙම කරන්නේ නෑ.මම එයාට ආදරෙයි.ඇයි ඔයාට ඒක තේරුම් ගන්න බැරි.මම හැමදාම ඔයාට ඇහුම්කන් දුන්නා,ඔයා ඔයාට ඕන හැමදේම මට කළා.මම මේක කරන්නේ නෑ.මම ජිමින්ගෙන් වෙන් වෙන්නේ නෑ !!!"

ජංකුක්ද ආපසු කෑ ගැසුවේය.

"ඔයාට එයාව ගැලපෙන්නේ නෑ එයා.........

ඔහු කියන්නට ගිය දේ ජංකුක් නවතයි.

"එතකොට ඔයා දන්නවද මට හොද මොකක්ද කියලා.ඔයා ඔයා ගැන විතරක් හොයන්න.ඔයා කවදාවත් සෑහිමකට පත් වෙන්නේ නෑ.මන් මොකක්ද කරන්න ඕනේ කියලා ඔයාට තීරණය කරන්න බෑ"

ඔහු ඔහුගේ කදුලු සිර කර ගත්තේය.

"පුතා....."

"මට පාඩුවේ ඉන්න දෙන්න.ඔයාට බැරිද ජීවිතේ එක පාරක් හරි මන් කියන දේ අහන්න."

ඔහු කෑ ගසා තම කාමරයට ගියේය.

Mr.Jeon ඔහුගේ බිරිද දෙස බලා,

Mr.Jeon- "මම මොන වගේ තාත්තා කෙනෙක්ද? මගේම පුතා මට වෛර කරනවා."

"හනී ඔයා දන්නවා ඒක ඇත්ත නෙවෙයි කියලා."

"මට ඕනේ එයා හොදින් ඉන්නවා බලන්න විතරයි.ඒ ළමයා මෙයාට හොද නෑ.එයා කවදාවත් ජංකුක් වෙනුවෙන් ඉන්නේ නෑ.එයාට ඕනේ සල්ලි විතරයි වෙන දෙයක් නෙවෙයි."

"මම දන්නවා ඒත් ඔයා දන්නවනේ අපේ කුකී දක්ෂ කොල්ලෙක් කියලා."

While in the meantime

"ඔයා මොනාද කියවන්නේ.මම ඔයාගේ පුතා.ඔයා නිකම්ම....."

ඔහු කතාව නවතා ඔහුගේ පියා දෙස බලා කතා කරේය.

"හොදයි මම ඒක කරන්නම් මම එයව marry කරන්නම්.හැබැයි එක කොන්දේසියක් මත."

Mr.kim- "ඒ කොල්ලා ඔයාට මුකුත් කරන්න පුලුවන් තත්ත්වයක නෑ."

ඔහුගේ පියා ඔහු දෙස බැලීය.

"ඉතින් ඔයාට සල්ලි ඕනේ නැද්ද?"
"ඒක තමයි මම හිතුවේ මම එයාව marry කරාට පස්සේ ආයේ කවදාවත් මම ඔයාගේ ඉස්සරහට එන්නේ නෑ.

ඔහු ප්‍රතික්ෂේප කරනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් ඔහුගේ ඊළග වචන ගැන ඔහු පුදුම වූයේ නැත.

"ඒක මට හොදයි.මගේ ජීවිතයේ ඔයා හැර වෙන ගොඩක් වැදගත් පුද්ගලයින් මට ඉන්නවා."

Taehyung හට අඩන්නට අවශ්‍ය නමුත් ඔහු කිසි විටෙක එය නොකළේය.මොකද එයාගේ අම්මා කියලා තියෙන්නේ එයාගේ කදුලු වලට වටින්නේ නැති මිනිස්සු නිසා අඩන්න එපා කියලා.ඔහු පිටත්ව යාමට සූදානම් වූයේය.

මට ඔයා නැතුව පාලුයි අම්මේ."

ඔහු සිතමින් ඔහුව සතුටු කරන එකම ස්ථානයට ගියේය.


ජංකුක් ඉන්නේ ගොඩක් කලබල වෙලා.එයාට ජිමින් එක්ක ඉන්න ඕනේ ඒ නිසා එයා ජිමින්ට කෝල් කරන්න හිතනවා.

"Hey baby I miss you..."

"මොකද උනේ?"

ජිමින් ඇසුවේ තරමක් කෝපයෙන්.

"ඔයාට මාව මතක් වෙන්නේ නැද්ද? ඔයාට එන්න පුලුවන්ද?"

ජංකුක් ඇඩුවේ දුක්මුසු හඩකින්.

"Jungkook මට මහන්සියි.හරි අපි හෙට හම්බවෙමු"

ජිමින් එසේ පවසා විසන්ධි කළේය.ජංකුක් සුසුමක් හෙලා

"ඔයා මට ඇත්තටම ආදරෙයිද?"






🐻🐰🐣
කතාව කොහොමද.කමෙන්ට් කරලා වෝට් කරන්න.

ජිමින් ගැන මොකද හිතෙන්නේ.

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Unde poveștirile trăiesc. Descoperă acum