ටික වෙලාවකට පස්සෙ ශර්ට් එකේ අත උඩට කරන ගමන් ඇවිත් ජන්ග්කුක් ඉස්සරහින් කෑම මේසෙන් ඉඳගත්තු ටේහ්‍යොන්ග්ටත් ජන්ග්කුක්ගෙ මේ වෙනස දැනුනා.

"Good morning kookie." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් ඔලුව විතරක් වනලා sandwich පෙත්තක් අරන් කටේ ඔබාගත්තා.

"ඒයි.. මොකෝ කතාවක් නැත්තෙ?" හැමදාම ඇහෙන ජන්ග්කුක්ගෙ කන් කරච්චලේට හුරුවෙලා හිටපු ටේහ්‍යොන්ග් එහෙම ඇහුවෙ ඇත්තටම ජන්ග්කුක්ගෙ නිහඬ බව දරාගෙන ඉන්න තවත් බැරිවුණු නිසා.

"මුකුත් නෑ.."

"මුකුත් නැතිවෙන්න බෑනෙ." ටේහ්‍යොන්ග් කිව්වත් ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇස් මඟ ඇරලා බිම බලාගත්තා.

"දැන් ඔයා ඔය ඔහොම මූණ එල්ලගෙන ඉන්නෙ ඊයෙ කිස් එක නිසාද?" ඒ ගමන ජන්ග්කුක් යටිතොල හපන ගමන් ඇස් උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"කුකී.. මට තේරුම් ගන්න පුළුවන් ඔයා ඒකට අකමැති නම්. ඔයා ඉල්ලපු නිසයි මං ඔයාව කිස් කරේ.. එහෙම නැතුව මං බලෙන් මුකුත් කරන්න හිතුවෙ නෑ." ටේහ්‍යොන්ග් එහෙම කියලා දිග සුසුමක් හෙලුවම ජන්ග්කුක් කලබල වුණා.

"අනී.. එහෙම දෙයක් නෙවෙයි.. ම්-මං.. ඒකට අකමැති නෑ.. ඒත්.. ඒත් මං ඔයාට මාව කිස් කරන්න කිව්වෙ.. උම්.. මට.. මට පිරිමි කෙනෙක් කිස් කරන එක මොනවගේද කියලා දැනගන්න ඕනෙ උනු නිසා.. විතරයි.. I-I'm sorry.." ජන්ග්කුක් වචන ගැට ගගහා කියද්දි ටේහ්‍යොන්ග් හිතේ බර ටිකක් අඩුවෙලා ගියා.

"ඔහ්.. ඉට්ස් ඕකේ. බට්.. මං ඔයාට කැමතියි කියලා මං කිව්වෙ ඇත්තටම."

"හහ්?" ජන්ග්කුක්ගෙ ඇස් පුදුමෙන් ලොකුවෙලා ගියා. එයා හිතුවෙ ටේහ්‍යොන්ග් ඊයෙ එහෙම කිව්වෙ මත් ගතිය නිසා කියලා.

"හ්ම්ම්.. මං ඇත්තටම ඒක කිව්වෙ. මං හිතුවෙත් නෑ මේ කරදරකාරයට මං කැමති වෙයි කියලා. ඒත් කොහොමහරි ටිකෙන් ටික ඒ කරදරකාර කොල්ලා මගෙ හිත අයිති කරගෙන." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ කම්මුලක් මිරිකලා කිව්වම ජන්ග්කුක් මූණ පුම්බගෙන ටේහ්‍යොන්ග්ගේ අතට එකක් ගැහුවා.

"ඒ උනාට මං ගේ නෙවෙයි." තොල් උල්කරගෙන ටේහ්‍යොන්ග්ට රවපු ජන්ග්කුක් කිරි වීදුරුවක් අරගෙන ටේහ්‍යොන්ග්ට ළංකරා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now