"ගිහින් නාගෙන එනවා..." බාත්රූම් එක ඇරලා ඒක ඇතුලෙන් ජන්ග්කුක්ට අඳින්න බාත්රොබ් එකක් තියලා ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් ටේහ්‍යොන්ග් දිහා තරහින් බලාගෙන හිටියෙ එයාගෙ අත අතගාගන්න ගමන්.

"මොකෝ ඔරවන්නෙ? තමුසෙට තනියෙන් නාගන්න බැරිද ඇයි??" ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක් මූණ පුම්බලා එයාගෙ රතුවෙලා තිබුණු මැණික් කටුව ටේහ්‍යොන්ග්ට පේන්න ඉස්සුවා.

"පේනවද තමුසෙ කරපු දේ? තමුසෙ මගෙ අත එච්චර හයියෙන් මිරිකුවෙ මොකටද?"

ඇත්තටම ටේහ්‍යොන්ග්ටත් පුදුම හිතුනා ජන්ග්කුක්ගෙ රතුවෙලා තිබුණු අත දැක්කම. මොකද ටේහ්‍යොන්ග් ඕනෙ තරම් පිරිමි අයව ඔය විදිහට ඇදගෙන ගිහින් තියෙයි. හැබැයි ඒ කාගෙවත් අත් ඔය වගේ රතුවෙලා තිබුණේ නෑ. ඒත් ඉතින් ජන්ග්කුක්ට බුරුලක් දෙන්න ටේහ්‍යොන්ග්ට ඕනෙ උනේ නෑ.

"මොකෝ තමුසෙ බබෙක්ද ඕක රිදෙන්න තරම්. අනේ මේ මගෙත් මුකුත් නාහ ගිහින් නාගෙන වරෙන්." ටේහ්‍යොන්ග් එහෙම කිව්වම ටේහ්‍යොන්ග්ටත් ගස්සලා ජන්ග්කුක් බාත්රූම් එකට ගිහින් දොර දඩස් ගාලා වැහුවා.

"යාහ්! ඕවා තමුසෙගෙ අප්පගෙ බඩු නෙවෙයි." ජන්ග්කුක්ට ඇහෙන්න කෑගහපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක් එනකම් ඇඳට පැනලා ෆෝන් එක ඔබන්න ගත්තා.

පැය බාගෙකට විතර පස්සෙ බාත්රූම් එකේ දොර ඇරෙන සද්දෙට ෆෝන් එක ඔබ ඔබා හිටපු ටේහ්‍යොන්ග් ඔලුව ඉස්සුවා. ටේහ්‍යොන්ග්ගේ හුස්ම මොහොතකට නැවතෙද්දි ටේහ්‍යොන්ග්ටත් හොරෙන් එයාගෙ ඇස් ජන්ග්කුක්ගෙ ඇඟ පුරා දිව්වෙ ජන්ග්කුක්ටත් ටේහ්‍යොන්ග් ඉන්නෙ සිහියෙන් නෙවෙයි කියලා තේරෙන්න සලස්වලා. ඇත්තටම සුදුපාට බාත්රොබ් එක විතරක් ඇඳගෙන හිටපු ජන්ග්කුක් දේවදූතයෙක් වගේ ලස්සනයි. වතුර බේරෙන ඇවිස්සුනු කොණ්ඩෙ, රෝස පාට වෙලා ගියපු බෝල කම්මුල්, රතු තොල්, අහිංසක පාට බෝල ඇස්, බාත්රොබ් එකේ පටිය ගැටගහලා නිසා කැපිලා පේන්න තියෙන ජන්ග්කුක්ගෙ හීනි ඉනත් එක්ක හැඩ ඇඟ, බාත්රොබ් එක උඩින් යාන්තමට ඇරිලා තියෙන නිසා පේන්න තියෙන පිරුණු රෝස පාට පපුව ටේහ්‍යොන්ග්ව විතරක් නෙවෙයි ඕනෙම කෙනෙක්ව වශී කරවන්න සමත් දර්ශනයක්. විශේෂයෙන්ම ටේහ්‍යොන්ග් gay නිසා එයාට ජන්ග්කුක්ගෙ ඒ පෙනුමෙන් ඇස් මුදවගන්න සෑහෙන්න අමාරු වුණා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now