"හ්ම්හ්.. ඇති යන්තන් බේස්මන්ට් එකට යන්න කලින් මට ඒක මතක් උනා.. නැත්නම් හෙට RM හ්‍යොන්ග්ගෙන් හොඳට අහගන්න තිබ්බා." ටේහ්‍යොන්ග් තමුන්ටම කියාගන්න ගමන් සීතලට කලිසම් සක්කු දෙකට අත්දෙකත් ඔබාගෙන ආයෙමත් කාර් එක නවත්තලා තිබුණු තැනට එන්න පිටත් වුණා.

ටේහ්‍යොන්ග් එද්දිත් ජන්ග්කුක්ට සිහිය ඇවිත් තිබුණේ නැහැ. ටේහ්‍යොන්ග් ආයෙමත් කාර් එක ස්ටාට් කරලා පාරට දැම්මෙ සැක කටයුතු කවුරුත් එයාලා දිහා බලාගෙන ඉන්නවද නැද්ද කියලා හොඳ පරීක්ෂාවෙන්. ඔවුන් දිහා කිසිම කෙනෙක් බලාගෙන හිටපු නැති නිසාත් කිසිම කෙනෙක් ටේහ්‍යොන්ග්ගේ වාහනේ ෆලෝ නොකරපු නිසාත් ටේහ්‍යොන්ග් ඔහුගේ වේගය වැඩි කරලා ගමනාන්තය වෙත ඉක්මනින් ළඟාවෙන්න තීරණය කලා.

Bulletproof gang එකේ secret hideout එක උනේ seol නගරයෙන් ටිකක් ඇතුලට වෙන්න තිබුණු අත් හැරලා දාපු පරණ ගෙදරක basement එකක්. ඒ බේස්මන්ට් එක හැම පහසුකමකින්ම සමන්විත උනු නිසා කට්ටියම ඒක එයාලගෙ රහස් තිප්පල විදිහට තෝරගන්න එකඟවුණා. අතෑරලා දාලා තිබුණු ගෙදර ගරාජ් එකෙන් කාර් එක පාක් කරපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව කරට ඇරගෙන කා එකේ දොරවල් ලොක් කරලා ගරාජ් එකෙන් පිටවුණේ ගරාජ් එක ආයෙමත් ලොක් කරලා.

"යාහ්.. මුගෙ බර.. මස් පිරුණු ඌරෙක් වගේ."

ජන්ග්කුක්ගෙ බරට ජන්ග්කුක් ටික ටික ටේහ්‍යොන්ග්ගේ කොන්ද දිගේ පාතට ලිස්සන නිසා ටේහ්‍යොන්ග්ට සිද්ද වුණා බේස්මන්ට් එකේ දොර ළඟට එනකම් කීපවතාවක්ම ජන්ග්කුක්ව උඩට කරගන්න. කීපවතාවක්ම එහෙම කරන්න සිද්දවුණු නිසා ටේහ්‍යොන්ග්ගේ අත් ඒ වෙද්දිත් ඇදුම් කන්න පටන් අරන් තිබුණා.

බේස්මන්ට් එකට ඇතුල්වෙන දොරටු දෙකක් තිබුණා. එකක් ගේ ඇතුලෙන් තියෙද්දි අනික තිබුණේ ගෙදර garden එකේ කෙලවරකට වෙන්න. ඒ වගේම ඒ දොරවල් දෙකම ලේසියෙන් පිටට පේන්නෙ නැති විදිහට සැඟවිලයි තිබුණේ. ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව අරගෙන ආවෙ ගෙදර ඇතුලෙ තිබුණු දොර ළඟට. ගෙදර පාත මහලේ තිබුණු කාර්යාල කාමරයේ කෙලවරකට වෙන්න තිබුණු පොත් රැක් එක එහාට කරපු ටේහ්‍යොන්ග් එතනින් මතුවුණු බිත්තියේ තිබුණු චායාරූපයක් අයින් කරාම screen එකක් මතුවුණා. ටේහ්‍යොන්ග් ඒකට password එක එන්ටර් කරාම බේස්මන්ට් එකේ දොර ඇරුණා. ටේහ්‍යොන්ග් ඇතුලට ඇවිත් විනාඩියක් යද්දි දොර ආයෙමත් ඔටෝම වැහුණා. ඒ හැමදෙයක්ම සුගා විසින් හදපු දේවල්. බේස්මන්ට් එක එයාලගෙ hideout එක විදිහට තෝරගනිද්දි සුගා තමයි එයාලගෙ ආරක්ෂාව සම්බන්ධ දේවල් ගැන බලලා ඒ හැමදෙයක්ම සැලසුම් කරේ. කොටින්ම කියනවනම් සම්පූර්ණ බේස්මන්ට් එකම ඕනෙ තැනක ඉඳන් බලන්න වගේම control කරන්න පුළුවන් වෙන විදිහට සුගා ඒ දේවල් හදලා තිබුණා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now