හැමෝටම නපුරු උනු ජන්ග්කුක් ආදරේ කරේ වගේම හුරතල් උනේ මීරා ළඟදි විතරයි. ජන්ග්කුක්ගෙ ඔම්මා ජන්ග්කුක්ට අවුරුදු දහයෙදි නැති උනාට පස්සෙ ජන්ග්කුක්ව බලාගත්තේ මීරා. මීරා කියන්නෙ ජන්ග්කුක්ගෙ නැනී වගේම ජන්ග්කුක්ගෙ ඔම්මා, සෝයුන්ට හිටපු එකම යාලුවා. ඉතින් ජන්ග්කුක්ට මීරා කියන්නෙත් එයාගෙම අම්මා වුණා.

"දැන් ඔහොමද එළියට යන්න හදන්නේ?" ජන්ග්කුක් ගානක්වත් නැතුව කාමරෙන් එළියට යන්න හදනවා දැක්කම මීරා එයාගෙ ඉනෙන් අත් දෙක තියාගෙන එහෙම ඇහුවා.

"ඇයී..?"

"බලන්න ඇඳගෙන ඉන්න ඇඳුම දිහා.. ගිහින් කලිසමක් ඇඳගෙන එන්න."

"ඔහ්.. මට අමතක උනා.." ජන්ග්කුක් දත් තිස්දෙකම පෙන්නලා හිනාවක් දාලා closet එකට දිව්වා.

ජන්ග්කුක් ආයෙමත් ආවෙ දිග කලිසමක් ඇඳගෙන. නළලට වැටිලා තිබුණු අකීකරු හිසකෙස් සුපුරුදු විදිහටම පිටිපස්සට කරලා බැඳලා තිබුණා.

"මීරා ඔම්මා.." කාමරෙන් එළියට යන ගමන් ජන්ග්කුක් කතා කරාම මීරා ජන්ග්කුක් දිහා බැලුවා.

"ඇයි ස්වීටි?"

"අර.. අලුතින් ආපු මේඩ්ගෙ ආච්චි ඉන්නෙ අසනීපෙන් කිව්වා. මිස්ටර් සේජින්ට කියන්න පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා ඒ කතාව ඇත්තක් නම් ඒ කෙල්ලගෙ පළවෙනි මාසෙ පඩිය එයාට ලැබෙන්න සලස්වන්න කියලා." ජන්ග්කුක් යනගමන්ම එහෙම කියද්දි මීරා ජන්ග්කුක් දිහා බැලුවෙ ආදරේ පිරුණු බැල්මකින්.

ජන්ග්කුක් කියන්නෙ පිටට පේන්න කොච්චර මුරණ්ඩු, අහංකාර, නපුරු කොල්ලෙක් උනත් ඒ ජන්ග්කුක්ගෙ හිත ගොඩක් අහිංසකයි කියලා දැනගෙන හිටියෙ මීරා විතරයි.

ජන්ග්කුක් කෑම මේසෙන් ඉඳගත්තට පස්සෙ සේවිකාවෝ පිළිවෙලට ඇවිත් කෑම මේසෙ හදලා ජන්ග්කුක්ට කෑම පිළිගැන්වුවා. සේවිකාවො හැමෝම යනකම් හිටපු ජන්ග්කුක් කෑම කාමරේ තිබුණු TV එක දාද්දි මීරා ජන්ග්කුක්ගෙ පිඟානට  කෑම බෙදලා ජන්ග්කුක් ළඟින්ම ඉඳගත්තා.

"මීරා ඔම්මා කෑවද?"

"මං පස්සෙ කන්නම් කූ.. ඔයා කාලා ඉන්න."

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Tempat cerita menjadi hidup. Temukan sekarang