"දැන්ම නෙවෙයි බේබි ගර්ල්.." සරාගී හඬකින් පවසපු ඔහු විස්කි වීදුරුවක් ඔහුගෙ තොල් වලට ළංකරගත්තා.

ඔහුව අනුගමනය කරමින් ඔහු වටා සිටි තරුණියන්ද මත්පැන් පානය කිරීමට පටන් ගත්තේ ඔහුගේ වචනයට පිටින් යාමට ඔවුන්ට ශක්තියක් නොතිබූ හෙයින්.

එලෙසින් කාලය ගතව ගියා. විටෙක මත්පැන් පානය කරමින්ද, තවත් විටෙක තරුණියන් හා සිපගනිමින්ද, තවත් විටෙක ඔවුන් හා සංගීත රිද්මයට නර්තනයේ යෙදෙමින්ද ඔහු එම කාලය ගතකරා. රාත්‍රී දොලහ ආසන්න වෙත්ම යුවතියන්ගේ අකමැත්තෙන් වුවත් ඔහු සමුගෙන යාමට තීරණය කරා. බෙල්ලෙන් මදක් පහළට වෙන තෙක් වවා තිබූ දිගු සිනිඳු කොණ්ඩය පිටුපසට කර සිටි ඔහු නැගී සිටිද්දී මෙතෙක් වේලාවක් ඔහු දෙසට යොමුව තිබුණු සුපරික්ෂාකාරී දෑස් වල බලාපොරොත්තු කඩ වුණු ස්වභාවයක් පෙනෙන්නට තිබුණා.

ඒත් සමඟින් ඒ තැනැත්තාගේ දුරකථනය නාද වුණා.

"හෙලෝ.."

..............

"නෑ, කොල්ලා කිසිම නීති විරෝධී වැඩක් කරේ නෑ."

.............

"නෑ ඩ්‍රග් යූස් කරන්න තියා ස්මෝක් කරේවත් නෑ."

................

"නෑ, රේප් කරන්න තියා අඩුගානෙ ඒ එක කෙල්ලෙක් එක්කවත් රූම් එකකට ගියෙ නෑ. කිස් කරා විතරයි."

"හ්ම්ම්.. අපි තව ටිකක් බලාගෙන ඉමුකො. මොකක් හරිම පොටක් පෑදෙයි."

ඇමතුම විසන්ධි කල නන්නාඳුනන තැනැත්තා යලිත් ඔහුගේ දුරකථන තිරයේ සඳහන්ව තිබූ සුන්දර තරුණයාගේ ඡායාරූපය දෙස බැලුවා.

Jeon Jungkook
Age 25
One and only son of the president

Jeon Jungkook Age 25One and only son of the president

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now