Seo-joonගේ ඇස් වලින් කදුලු නවතින් නැතුවම ගලන් ගියා.

Sj-" මං මාෆියා වලින් අයින් වෙලා අපේ පවුල එක්ක ජීවත් වෙන්න. අලුතෙන් ජීවිතයක් ගෙවන්න, ලස්සන ලෝකෙකට යන්න හීන මවාගෙන මාෆියා වලින් අයින් වෙලා ඔයාගේ ඔම්මා එක්ක වෙන තැනකට ගිහින් හැංගුනා...
ඊට සතියකට පස්සේ අපි රටෙන් පිටවෙන්න හිටියේ.. වෙන රටකට යන්න.. "

TH-" අප්පා...? "

Sj-" එදා ඔයාගේ කොන්සර්ට් එක.. මමයි, ඔම්මයි එදා එන්න හිටියේ. ඒත් මට හදිස්සියෙම කෝල් එකක් ආවා...jinhun මං හිටපු ඒ තැනත් හොයන්
. ඒ මිනිහගෙන් පැනලා යන්න බෑ ටේ.. ඒ මිනිහා ගොඩක් powerful... අපි..  අපිට කිසි දෙයක් කරන්න බෑ.... එදා මං ආයෙත් ගියා ඒ මිනිහා හම්බෙන්න ...ඒත්... ඒත්.. මං පරක්කුයි..."

Seo-joon ටේහ්‍යුන්ග්ගේ උරහිස් මතින් ඔලුව තියාගෙන ඉකි බිදින්න ගත්තා.

Sj-" උ මගෙ දරුවයි, මගෙ සුරංගනාවියි අරගෙන.. වෙඩි ති-යලා මරලා.. ඇක්සිඩන්ට් එකක් උනා වගේ සාක්ශී ඉතුරු කරලා..
හැමෝම හිතුවේ අනිත් කල්-ලියේ උන් කරා කියලා.. ඒත් ..ඒත් මං විතරයි දන්නේ මගෙම බො-ස් කරේ කියලා  ... fucking jinhun..."

ටේහ්‍යුන්ග් එයාගේ අත් seo-joonගේ ඇග වටේ ඔතා ගත්තා.

Sj-" ඒ මිනිහාට මාව මාෆියා වලට සම්බන්ද කර ගන්න තිබ්බ එකම බාදාව මගෙ පවුල .. මගෙ වයිෆ්..ඌ ඒක විනාස කරා..., ඌ.. උට ඕන දේවල් කර ගන්න ඌ ඕන දෙයක් කරනවා..."

TH-" එතකොට ඌයි මගෙ ඔම්මවත් මැරුවේ... ඇයි..ඇයි එහෙනම් ඔයා ආයෙත් marry කරේ.."

Sj-" ඌ ඔයාගේ ඔම්මා මැරුවට පස්සේ මට ඉතුරු උන එකම දේ ඔයා.. ඔයා දකින වාරයක් ගානේ ඒ හිනාව, ඒ ඇස් හැමදේම මට මතක් වෙනවා ටේහ්‍යුන්ග් .. මං..මං ඒකයි ඔයාගෙන් ඈත් උනේ.. ඒ වගේම උගේ ඊලග ටාගට් එක ඔයා නොවෙන්න ඕන හින්දා මං ඔයාගෙන් ඈත් උනා... මං ඒ අතර උගෙන් පලි ගන්න ක්‍රමයක් හෙව්වා..."

Seo-joon ඇස් වල කදුලු පිහදාගෙන ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Sj-" මට ඕන උනේ මට දැනුන වේදනාව උට දෙන්න.. මට ඕන උනේ උගෙ දුව, ඒ කියන්නේ ලුසීට මගෙ වයිෆ්ට උන දේ වෙනවා දකින්න.. ඒ මිනිහට මේ ..මේ ලෝකේ වටිනම දේ නැති කරන්න... මං හන්ජිව මැරි කරේ ඒකට...
මට උන්ගේ පවුලට ලං වෙන්න තිබ්බ එකම ක්‍රමේ ඒක.. මං.. මං ඒක කරා..."

Dosen't belong loveWhere stories live. Discover now