You're My Destiny🥀

Start from the beginning
                                    

"මට පොරොන්දු වෙන්න, මම ආයෙ නැගිටිද්දිත් මේක හීනයක් නොවී තියෙනවා කියලා.. මට පොරොන්දු වෙන්න මම ආයෙ නැගිටිද්දිත් ඔයා මගේම වෙලා ඉන්නවා කියලා?"

තේහ්යොන්ග් හීනෙකින්වත් නොහිතපු විදියට ජන්ග්කුගෙ බිඳුනු හඬ එක්කම ලොකු කඳුලු කැට දෙකක් ඔහුගේ තාමත් පිය වුණ ඇස් වලින් ගලාගෙන ගියා..

ඔහු මොහොතක්වත් පරක්කු නොවී ඒ කඳුලු පිහ දැම්මෙ ජන්ග්කුක්ගෙ කම්මුල් කිහිප සැරයක්ම සිපගනිමින්.

"අද නෙමෙයි, හැමදාම නිදාගෙන නැගිටිද්දිත් මම ඔයාගෙම විතරයි ජන්ග්කුක්.. වෙන කාගේත් වෙන්න මට ඕන වෙලත් නෑ, ඕන වෙන්නෙත් නෑ.." තේහ්යොන්ග් තදින් ඒත් සුමුදු හඬින් පොරොන්දු වුණේ අවසාන හාදුව ජන්ග්කුක්ගෙ කම්මුලේ තියලා.

"හ්ම්ම්.. මට තාම අදහගන්න බෑ ඔයා මගේද කියලා.." මුමුණමින් ජන්ග්කුක් නින්දට ගියේ, තේහ්යොන්ගෙ හිත කීවෙනි පාරටද මන්දා ආදරෙන් පුරෝගෙන.

ජන්ග්කුක්ගෙ බ්ලැන්කට් එක හරි ගස්සල තේහ්යොන්ග් කාමරයෙන් එලියට ආවේ සිහින් හිනාවක් මූණෙ ඇඳගෙන.

.

.

ජන්ග්කුක් ආයෙත් ඇස් අරිද්දි එයාගෙ ඇස් ආයෙම මුණ ගැහුණෙ එයා මේ ලෝකෙ දැකපු ලස්සනම කෙනාගෙ නිදියන් ඉන්න ස්වරූපෙ එක්ක... අවුරුදු ගාණක් ගෙවිලා ගියත්, තේහ්යොන්ග් ගෙ ලස්සන, ඔහුගේ අසමසම දේහ ස්වරූපයන් ජන්ග්කුක්ව ආයෙ ආයෙත් පුදුමයෙන් වගේම ආදරයෙන් වසඟ කළා...

"තාමත් මම ඔයාගෙ කියලා විශ්වාස නැද්ද?"

තේහ්යොන්ග් ගෙ කම්මුල් ,දෙතොල් අතර අතරමන් වුණ ජන්ග්කුක් පියවි සිශියට ආවේ තේහ්යොන්ග් ගෙ ගැඹුරු ආදරේ පිරිච්ච හඬ එක්ක..

"ම්ම් ඒකනෙ.... මට විශ්වාස කරන්න උදව් කරන්න පුලුවන්ද?"

ජන්ග්කුක් ඇහුවේ කෙලිලොල් සිනහවකින් තේහ්යොන්ග් දිහා බලාගෙන..

"නෝ ප්‍රොබ්ලම් ඩාර්ලින්ග්.."

තේහ්යොන්ග් කිව්වේ ජන්ග්කුක්ගෙ දෙතොල් එයාගෙ තොල් වලින් අල්ලාගෙන. ඔවුන් විනාඩි කිහිපයක් එකිනෙකාගේ දෙතොල් අතර අතරමන් වුණේ කුලුඳුල් ආදරවන්තයන් දෙන්නෙක් වගේ..

"I Love You Jeon Jungkook"

ඔවුන්ගේ හාදුව මොහොතකට නවත්තලා තේහ්යොන්ග් මිමිණුවේ ජන්ග්කුක්ගේ ඇස් දිහා බලාගෙන..

"And I Love You more, Jeon Taehyung..."

ජන්ග්කුක් තේහ්යොන්ගේ දෙතොල් නැවත ඔහුගේ දෙතොල් අතර රඳවා ගත්තේ නිහඬ ස්තූතියක් සුර ලොව වෙත යවමින්.

-THE END-

.
.
.

A/N

ඒක ටිකක් බොලඳ ශෝට් ස්ටෝරි එකක් නේද? කියෙව්වට ස්තූතියි..ඔයාලගේ අදහස් කියාගෙන යන්න..💜💜

Update : මම ලිව්ව Taegi/ Yoonkook stories දෙකක් තියනවා. කැමති නම් කියවන්න. දෙකම almost platonic 🤧❤️

Fan arts credits goes to Kia_smol and rightful owners 💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Fan arts credits goes to Kia_smol and rightful owners 💜

Fan arts credits goes to Kia_smol and rightful owners 💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Update: We're not going to end it here💚💜

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKWhere stories live. Discover now