END 25

134 27 10
                                    

Views 1.06k  සතුටුයි හරිද..මගේ පලවෙනි කතාවනෙ මේක..
තැන්ක්යු කියවන හැමෝටම වගේම වෝට් කරන , කමෙන්ට් කරන හැමෝටමත්..❤️

******

දෙයියනෙ මම කොහොමද ආපහු යන්නෙ ..ඕහ්..ශිට්..ඇලන්ගෙන් මට ආපහු එන හැටි අහගන්න බැරි උනා..මොන වගේ මෝඩයෙක්ද මම.."ආදිත්‍ය තනියම සිතුවේ කාමරය තුල වේගයෙන් එහා මෙහා ඇවිදින අතරතුරය....
සමහර විට...මෙ⁣හෙ හිටපු සදීශ්ගෙ මතක මගේ සදීට පේනව වෙන්න බැරිද...
ඒත් මොනවද..
මන් අඩුම දන්නැ මෙහෙ සදීශ්ගෙ ගෙයක් වත්..
ආ දිල් ඉන්නවනෙ..උගෙන් අහල ගිහිල්ල බලන්න ඕන...
එහෙම හිතපු ආදිිත්‍යය දිල්ට කෝල් එකක් ගත්තෙ බලාපොරොත්තු කන්දක් හිතේ කොනක තබා ගෙනය...

"හෙලෝ..දිල් උබෙන් උදව්වක් ඕන..."

..............

" ආ මේ මට සදීශ්ගෙ ගෙදර address එක පෙඩ්ඩකට එවන්න පුලුුවන්ද..."

" ............"

" ආ හරි මචන් තෑන්ක්ස්.."

*****

######## ..ඕ්හ් මෙ තියෙන්නෙ..දැන් තියෙන්නෙ ගිහිල්ල බලන්න තමා..ඒත් සදී මේකව මෙහෙ එක්කන් යන්නත් බැ...ගෙදර හිටිය එකාට මෙහෙම නං තමන්ගෙ ගෙදරට ගියාම අමාරු වේවි කොල්ලට...අපි කියල බලමු. .

" සදී..මැනික මේ...ආදී..පොඩ්ඩකට එලියට ගිහිල්ල ටක් ගාල එන්නං...මැනික ටිවි එක බල බල හරි ගේ ඇතුලට වෙලාම ඉන්න ඕන හොදද..මන් ගාව අමතර යතුරක් තියේ...ඒක නිසා මම ආවම දොර ඇර⁣ගෙන එනව මිසක් තට්ටු කරන්නැ..ඒක නිසා තට්ටු කලාට දොරට ඔයා අරින්න යන්න එපා  හොඳෙ...."

" පරෙස්සමින් ගිිහිල්ල ඉක්මනින් එන්න ආදී..."

" ම්ම්"

______________________________________________

පිලිවලකට සාදන ලද දෙමහල් නිවසක්...
බොහෝ කලකින් පාවිච්චි නොකල නිසාම දුහුවිලි බැදී ඇත...

ආදිිත්‍යය ප්‍රධාන දොර විවර කිරීමට හැදුවත් දොරෙහි යතුර නොමැති හේතුවෙන් දොරෙහි අගුල කඩා " ක්රීස් " යන ශබ්දයත් සමඟම දොර ඇරියේ ආදිිත්‍යයද නිවසට ප්‍රවේශවෙමිනි...

" කැහ් කැහ්...පුදුම දුවිල්ලක් නේ.." ආදිිත්‍යය එසේ පවසා දුරකතනයේ වූ ටෝච් එකෙහි පිහිටෙන් නිවසේ තැනි තැන පරීක්ෂා කලේ වැදගත් යමක් සොයාගැනිමට හැකි වේදයි කල්පනා කරමිනි..
එක්වරම ආදිිත්‍යයගෙ කකුලෙහි  සුලැගිල්ල මේසයක ගැටීම හේතුවෙන් ආදිිත්‍යය
පහත් වී තම සුලැගිල්ල අල්ලාගත්තෙ ආදිිත්‍යයගේ අවදානය නිතැතින්ම මේසය යටට යොමු වන විටය...

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now