END 20

165 37 6
                                    

සංවේදී කොටස් ඇති බව සලකන්න...!

යකෝ ඒ උගෙ ජීවිතේනෙ..
මට තේරෙන්නැ  ..මම මොනා කියන්නද කියල..
මම කවදාව්ත් හිතුවෙ නැ මේ සීතල පෞරුෂය පිටිපස්සෙ මෙච්චර දුකක් ඇති කියල..
පේන හැම දේම ඇත්ත නෙවේ කියල කියන්නෙ මේකට වෙන්නැති.
උබ හරි පව් ආදී..
කවුරු නැතත් මම ඉන්නව දැන්..
දාලා යන්නැහැනේ මම උබව..
.
.
.
.
.
පැය දෙකක විතර සුවබර නින්දකින් පස්මෙ ආදිිත්‍යය සදීශ් ව හොයන් පහල තට්ටුවට ආවෙ හිතේ බයෙන්..තමන්ව දාලා යයිද කියන බයට වඩා තමන්ට අනුකමපා කරයිද කියන බයෙන් මොකද ඕනම මිනිහෙක් අකමැතිම දේ තමා තමන්ට අනුකම්පාකරන එක..
ඉතින් ආදිත්‍යත් එහෙමයි..

" සදී..සදීශෝ..කෝ ඔයා.."

" ඉන්නෝ ඉන්නෝ මේ කුස්සියෙ..ආදී නැකිට්ටද..."

" ඊහ් මෝඩ කොල්ල ඇහුව ප්‍ර්ශ්නයක් ..නැගිටින්නැතුව ඉතින් මේ සදීශ් කියල කතා කලේ මගෙ මනෝකාය වෙන්නැති නේහ් " ආදිිත්‍යය එහෙම කිියල සදීශ් ව පි⁣ටිපස්සෙන් බඳාගත්තෙ සදීශ් තනියම හිනාවෙකොට..

" කමන් නැ ඉතින් මේ මෝඩයා කාගාදෙ ඔයාගෙ මිසක් නේද .හුම්ම්ම්ම්"

" ඇත්ත ඇත්ත සදී මේ අර මම කිව්....."

" මොනවද..ආදී...වැදගත් දෙයක්ද .ඒක ඔයාගෙ මතකෙ ඔයා කැමති දේවල් විතරක් තියන් අනික් ඒව ඔයාගෙ මතකෙට අයිති නැති ඒව කියල හිතන්න..කොටිම්ම ඒ හිටියෙ  ඔයා ⁣නෙවෙයි කියන එක හිතන්න.."

" ම්"

" ඒක නෙවේ ආදී..මේ අහන්නකො ..නංගා බය වෙල⁣ෙ ඇති..අපි දෙන්නම අද එහේ යමුද. "

" හා..හාකෝ..යමුකෝ..මට නංගව හම්බෙන්නත් ඕන.."

" එනන් දැන් ඇඳගන්න යන්න ආදී වොශ් එකක් දාගෙන එන්න අයියෙ.."

" හරි මැනික".

ආදිිත්‍යය වොශ් එකක් දාගෙන සුදු අත් දිග ශර්ට් එකට තනි කලු ඩෙනිම් එකක් ඇඳල කන්නාඩියෙන් බලල තනියම හිතුවෙ තමන් මීට කලින් සුදු ඇදල නැ නේද කියල..මේකත් මේ හදිසියකට ගත්ත එකක් නේද කියල ..මොක උනක් ඒ ශර්ට් එක ගැම්මට තිබ්බ නිසා ආදිත්‍යයත් ආයෙ ඕක මාරු කරන්න නොගියෙ මොනා වුනත් ඒක ලස්සනයි කියල හිතන ගමන්..

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now