You look Perfect 🥀

Start from the beginning
                                    

"ඔයා මට එයාව අරන් දුන්නේ අපේ 6වෙනි anniversary gift එක විදියට."
.
.

"ඔයාට විශ්වාස ද ඔයාව මැරි කරේ මම මගේ කිඩ්නි එකක් හරි මොකහරි විකුණලා නෙමේ කියලා?"

තවමත් එයාගේ angel එයාගේ හස්බන්ඩ් කියලා පිළිගන්න අමාරුවෙන් ඉන්න ජන්ග්කුක් ඇහුවෙ තේ හ්‍යොන්ග් ව කීවෙනි පාරටද මන්දා හිනා ගස්සන්.

ජන්ග්කුක්ගෙ කෙඳිරිය ගණන් නොගෙන ටේ හ්‍යොන්ග් එයාගෙ මූණෙන් අත අහකට ගත්තා.

"ඔයා ආයේ නිදාගන්න. දැන් ඔයා කන්ෆියුස් වෙලා ඉන්නේ anaesthetic නිසා."
.
.

"අපි මැරි කරල කියන්නේ අපි කිස් කරනව කියලා නේද ?..."
.
.
"එහෙම නං මට -මට කිස් එකක් දෙන්න පුලුවන්ද?"

ජන්ග්කුක් ඇහුවේ හරිම අහිංසක විදිහට ඒ වගේම කුතුහලයෙන්. ඔහුට දැන්ම ඔහුගේ angel හස්බන්ගෙන් වෙන් වෙන්න ලෝබ හිතුනා.

ඒ ලෝභ කම කවද නැති වෙයිද කියලා ඔහුට හිතා ගන්නවත් බැරිවුණා. ඒ කතාව පස්සට. දැන් ඕනේ angel kiss එකක්.

ටේහ්‍යොන්ග් පුදුමයෙන් දිලිසුණ ඇස් වලින් ජන්ග්කුක් දිහා බලන් හිටියා.. ටේ හෙමීට ඔලුව වැනුවේ ලස්සන හිනාවක් එක්ක..
කාමරේ තව නර්ස් කෙනෙක්ද කොහෙදෝ හිටියා..ඒත් ජන්ග්කුක්ගෙ ඇස් මොහොතකට වත් තේහ්‍යොන්ග් ගෙන් අහකට ගියේ නෑ..

"ඕ ...අපි ඊට වඩා දේවලුත් කරනවා.." තේහ්‍යොන්ග් කිව්වෙ සෙල්ලක්කාර හිනාවක් එක්ක 😉කරන ගමන්. ජන්ග්කුක් බලන් ඉද්දි රතු වුණා.

"ඒත් ඔයාට මෙලෝ දෙයක් මතක නැතුව බහුබූත කියෝන වෙලේ ඔයාව කිස් කරන්න බෑ මට..අනික මම තාම ඩියුටි..."

තාමත් වෙන දේක අගමුල හිතාගන්න බැරි ජන්ග්කුක් කල්පනා කලේ එයා කොහොම Most handsome man in the world මැරි කලාද කියලා..

තේහ්‍යොන්ග් ගෙ වචනවලට වැඩි අවදානයක් නොදුන්න ජන්ග්කුක් ආයෙ තමන්ගෙ පුදුමය පිරුන කටහඬ අවදි කලේ තේහ්‍යොන්ග් ගෙ හිත ආදරෙන් පුරෝගෙන..

"මම ගිය ආත්මෙ රටක් රාජ්‍යක් බේරගෙනද කොහෙද ..නැත්තම් කොහොමද ඔයා වගේ කෙනෙක් මගේ වෙන්නෙ?"
.
.
ජන්ග්කුක්ගෙ මන්දාකිණි පිරිච්ච ඇස් දිහා මොහොතක් බලන් හිටි තේහ්‍යොන්ග්ගෙ මුහුණෙ ඒ වචන එක්ක ඇඳුණ හිනාව, මැරෙනකම් අමතක නොකරන්න ජන්ග්කුක්ගෙ හිත තීරණය කළා.

"ඔයා මොනාද කියන්නෙ කියලා ඔයාවත් දන්නෙ නෑ කුකී.. හෙට උදේට මේක ගැන කියද්දි ඔයාට ලැජ්ජ හිතෙයි හොඳේ..."
.
.
"I don't care baby.. "

"baby" පෙට් නේම් එක නොදැනිම ජන්ග්කුක්ගෙ කටින් පිට වුණා.. මොකෝ ඉතින් ? මේ ඉන්නෙ එයාගෙ හස්බන්ඩ් ! ඕන පෙට් නේම් එකක් ජන්ග්කුක්ට කියන්න පුලුවන් නෙ..කොයිකටත් අහලා බලමු..

"මම ඔයාට කතා කරන්නෙ එහෙමද? නැත්තම් ඔයා ආස මොකටද? Angel? Sweetheart? Darling ?"

"දැනට තේහ්‍යොන්ග් විතරක් ඇති.."

තේහ්‍යොන්ගෙ වචන වල තිබ්බ ආදරය ජන්ග්කුක්ගෙ හදවත මෙල්ට් කලා .

"දැන් ටිකක් නිදාගන්න හොඳ ද? ටේ කිව්වෙ ජන්ග්කුක්ගෙ බ්ලැන්කට් එක හදන ගමන්.."

"මාත් එක්ක නිදාගන්න එන්න පුලුවන්ද ?"

ජන්ග්කුක් ඇහුවේ තේහ්‍යොන්ග් ව ලඟින්ම තියාගන්න ඕන නිසා...එයාගෙ තුරුලෙ උණුසුම විඳින්න ආසාවෙන්.

"මටත් ආසයි..ඒත් තාම හ්‍යොන්ග් ගෙ ශිෆ්ට් එක ඉවර නෑනෙ කුකී..."

ටේ හ්‍යොන්ග් කරුණාවෙන් කිව්වෙ දුකින් බර වුණ ජන්ග්කුක්ගෙ ඇස් දෙක දිහා බලන්න හිත හදාගන්න බැරිව.

ආයෙත් ජන්ග්කුක්ගෙ ඔලුව රිදෙන්න ගත්තෙ රෙස්ට් කරන්න කියලා වෝනින් එකක් වගේ . ඒත් ජන්ග්කුක්ට තව දේවල් ගොඩක් එයාගෙ හස්බන්ඩ් ඒන්ජල්ගෙන් අහන්න තියනවා...
.

"මට ඔයාගෙ ring එක පෙන්නන පුලුවන් ද?..."

.
.
.
--------------------------------------------------
.
.
To be continued 💜️

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKWhere stories live. Discover now