ආයෙමත් හිනාව පාලනය කරගත්ත තේහ්‍යොන්ග් ජන්ග්කුක් දිහා බැලුවා.
"ඔව් මට හොදටම විශ්වාසයි." තේහ්‍යොන්ග් ජන්ග්කූක් ගේ අත මත ඔහුගේ අත තැබුවේ ජන්ග්කුක්ව ආයෙත් උණුසුම් කරමින්.
"මට ෂුවර් නැත්තං ඔයාට කියන්නේ නෑ නේ.."
තේහ්‍යොන්ග් කිව්වේ සුමුදු ස්වරයෙන්.ඒ තොරතුරු process කරගන්න ජන්ග්කුක්ට ටික වෙලාවක් ගියා. ජන්ග්කුක්ට හිතාගන්න බෑ ඇයි ඔහුට මේ ලස්සන පුද්ගලයාව මතක නැත්තෙ කියලා..
කොහොම වුණත් ඔහුට දැන් අහපු දේවල් නිසා ආව පුදුමයෙන් මිදෙන්න අමාරු වුණා..
නින්දකින් නැගිටින්න කෙනෙක්ට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ග මේක නෙමෙයිද කියලා ජන්ග්කුක් තනි හිතට හිතුවා.
"අපි මැරි කරලද ? ජන්ග්කුක් ආයෙමත් ඇහැව්වා.
"කොච්චර කල්ද දැන් ?" තාම ජන්ග්කුක්ට හිතන්නෙම මේක හීනයක් කියලා.
"හිතාගන්න බැරි තරම් ලස්සන අවුරුදු අටක් වෙනවා"
තේහ්‍යොන්ග් පිළිතුරු දුන්නේ සුමුදු, ආදරය පිරුණ ස්වරයෙන් .
ජන්ග්කුක්ගේ අත උඩ තිබ්බ ඔහුගේ අත හෙමින් ජන්ග්කුක්ගෙ මුහුණ දෙසට ගෙන ගිය තේහ්‍යොන්ග්, ඔහුගේ මූණ ආදරෙන් පිරිමැද්දා.
ජන්ග්කුක් නොදැනුවත්වම ඒ උණුසුමට ලං වුනා.
" ඔයාට මතක නැද්ද?" තේහ්‍යොන්ග් ඇහුවා.
."මම හිතන්නේ ලෝකේ ලස්සනම කෙනාව මැරිකරන එක මට මතක තියෙන්න ඕන කියලා"
මේ පාර ජන්ග්කුක් වෙනුවට උත්තර දුන්නේ එයාගෙ බාගෙට function වෙන dizzy brain එක.
"අපිට පවුලක් ඉන්නවද?"
ජන්ග්කුක් ආයෙත් එයාගේ කටහඬ අවදි කළා.
"අපිට චූටි බලු පැටියෙක් ඉන්නවා එයාගේ නම යොන්ටෑන්"
ජන්ග්කුක් ට තේරුණා ඇයි ඔහු තේහ්‍යොන්ග්ට ම ආදරේ කලේ කියලා.
YOU ARE READING
𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOK
Romanceජන්ග්කුක්ට කරන්න බැරි එකම දේ , තේහ්යොන්ග්ගෙන් ඇස් අහකට ගන්න එක.. මැරිලා ඉපදුණත් ඒ ඇස් වලට ලස්සනම තේහ්‍යොන්ග් විතරමයි #ටේකුක් #Taekook
You look Perfect 🥀
Start from the beginning