🐉16🐉

137 32 92
                                    

එතන ඉදන් එක බැල්මක් වත් මට නොදී ජිමින් වාහනේ වේගෙ වැඩි කලේ මං මරණ බයට ඇස් දෙක පියාගනිද්දි...

අන්තිමට විශාල බිල්ඩින් එකක කා පාක් එකේ කා එක නතර කරපු ජිමින් බැහැල ගියේ මං කියල කෙනෙක් ඉන්නව කියලවත් ගානක් නැතුව ...

පුදුම අසරණකමක් දැනෙන්නෙ මට... වෙන කියන්න දෙයක් නැති නිසා මාත් ඔන්නෝහෙ එයාගෙ පිටිපස්සෙන් ගියා...

එතන හිටපු හැමෝම වගේ පුටුවෙන් නැගිටල හොද හිනාවකින් ජිමින්ව පිළිගත්ත...ඒත් මකරස් නෙවේ බැල්මකින්වත් ඒ මිනිස්සු දිහා බැලුවෙ... එයා කෙලින්ම ඉස්සරහ බලාගෙන ගිහිල්ල නැවතුනේ office room එකේ...

මන් නම් ඉතින් සුහද හිනාවකින් එයාලට පෙරලා සංග්‍රහ කරන්න අමතක කලේ නෑ... මොකද හිනාව කියන්නේ ඕනම කෙනෙකුට නොමිලේ දෙන්න පුලුවන් ලේ පිරිසිදු වෙන දෙයක් නේ... ඉතින් අපි ඇයි මනුස්සයෙක් එක්ක හිනා වෙන්න ලෝබ වෙන්නේ...

මටනං හිතෙන්නෙ මකරස් කා එක drive කරපු වේගෙට දන්තාකාර ප්‍රසරේ ලෙප්ට් වෙලාද කොහෙද... ඇයි දෙයියනේ නොනැවතී ඉදිරියට කියල වැඩ අල්ලල වගේ කෙලින්ම ඉස්සරහ බලාගෙන ගියේ මෙතනින්...අනික මං කවදාවත් දැකල නෑ නේ මකරස් හිනා වෙනව කටක් ඇරලා... එහෙනං ෂුවර් එකටම දත් ටික හැලිලද දන්නෑ... වෙලාවක බලන්න ඕන කටේ දත් තියෙනවද කියලා.....

_______

" මේ හලෝ...අද මෙහෙ නතර වෙන්නද හදන්නේ... නැගිටිනව අයිසෙ ගෙදර යන්න...තමුසෙට පඩි දෙන්නෙ පුටු රත් කර කර ඉන්න ද... ඒහ් නැගිටිනවා...😤🙄"

පුදුම අමාරුවක් දැනෙන්නෙ මට... ඒ හඩට ගැස්සිලා ඇහැරුණ මං දැක්කෙ ගිණි පිඹින මකරස්ව..

ඒ ඇස් මාව දැකල ගැස්සුනා...

" ඒහ්... මේ මොකද මේ...😳"

එයාට උත්තර දෙන්න තරන් මට මානසිකත්වයක් නෑ... අමාරුවෙන් නැගිටල...

" ය..මු ස..😖"

" තමුසෙගෙ කන් ඇහෙන්නැද්ද ආ... මං ඇහුවෙ මොකෝ උනේ කියලා... ඇයි තමුසෙ අඩලා...🤨"

" එ...හෙම මුකුත් නෑ ස' අපි යමු...😞"

" මං දෙයක් දෙපාරක් අහන්නෑ... කියනව මොකද උනේ...🤨"

🐉♡~ගිණි පිඹින මකරා~♡🐉Where stories live. Discover now