🐉11🐉

118 29 10
                                    

මන් ශේප් එකේ ගිහිල්ල වාහනේට නැග්ගේ මේ යකා මෙතන කෑ ගහල මට පාරෙ බැහැල යන්න නැති වෙයි කියල සාධාරණ බයක් ඇති වුන නිසා...ජිමින් සර් ඇවිත් වාහනේට නැගල වාහනේ ස්ටාට් කරද්දිම මගේ කට වහගෙන ඉන්න බැරි කමට,

" මෙහෙම ඕන ඕන වෙලාවට මාව ඇදගෙන යන්න මට බනින්න ඔයාට තියෙන අයිතිය මොකක්ද ආ..."

" කට වහගන්නව..."

" මං අහන්නේ..."

" ඔව්... අයිතියක් තියෙනවා...මොකද තමුසෙ මගේ..."

" ඔව් සර්...ඉතුරු ටිකත් කියන්න... මට දැනගන්න ඕන...'

" ම්...මේ..මොකද තමුසෙ මගෙ private secotry නිසා...ඒ නිසා මට ඉහලින් යන්න හිතන්නවත් එපා...අනිත් දේ තමයි මට රවන්න ගස්සන්න ඇවිත් නරක මිනිහ කරගන්න එපා..."

" ඕකේ ඉතින් අමුතුවෙන් නරක් කරගන්න දෙයක් තියෙන එකක් ඈ..."

" මොකක්ද කිව්වේ..."

" අ...ආ...මේ මං මොනව කියන්නද...හැම වෙලේම අහං ඉන්න එකනෙ කරන්නේ..."

" ඔව්...කොහොමටත් එහෙම ඉන්න එක තමුසෙගෙ ඇගට ගුණයි..."

හුහ්... මේක මාර මගුලක් උනා නේ... මේ නපුරා ගහන ගහන ප්‍පදේට නටන්න මාව හදල තියෙනව කියල ද දන්නෑ හිතන් ඉන්නේ... දෙයියනේ... මේක පුදුම අසාධාරණ කතාවක් නේ...මම office එකේ ගිණිමකර secotry උනා කියල excuse me Sir, may I go to the washroom ... කියල අහන්න වෙයිද දන්නෑ washroom යනකොට...පුදුම හෙනහුරෙක් තමා මටත් ලැබුවේ...

අසාධාරණයට එරෙහිව හඩ නැගීමට ගොස්  දැන්මම දත් ටික බඩට යවාගන්නට අවශ්‍ය නොවන නිසා මම ෂටර් එකෙන් එලිය බලාගත්ත.

" දැන් ගෙදරට කෝල් එකක් අරගෙන කියනවා, අද ගෙදර එද්දි ටිකක් රෑ වෙයි...office එකේ වැඩ වගයක් තියෙයි කියල..."

මං කට ඇරගෙන එයා දිහා බලද්දි මං දිහා කින්ඩියට වගේ හිනාවෙලා බලපු මකරස්,

" ගෙදරින් තමුසෙ ගැන හොයන්නෙ නැත්තන් කමක් නෑ ඉතින්... කෝල් කරන්න ඕන නෑ.."

" මට බෑ සර් රෑ වෙලා ගෙදර යන්න... අනික මං කලින් කියල ආවෙත් නෑ ... අනික ගෙදර අයත් බය වෙයි...මට බෑ බොරු කියන්න..."

" මොකක්ද අයිසෙ බොරුව...තමුසෙ හිතුවද මං තමුසෙව ඇදගෙන ආවෙ මගුල් නටන්න කියල...මට ඒ තරන් පිස්සුවක් නෑ...අද රෑ හත වෙද්දි රෝහන් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොජෙක්ට් එකේ වැඩේ complete කරන්න ඕන...මං නොකිව්ව කියන්න එපා..."

🐉♡~ගිණි පිඹින මකරා~♡🐉Where stories live. Discover now